චීනය, මානව සංහතියේ පොදු ඉරණම පිළිබඳ සංකල්පයේ අඛණ්ඩව නියැළී සිටින බව 73වැනි ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා පවසයි.
මානව සංහතියේ සෞඛ්‍ය ආරක්ෂිත පොදු ඉරණම පිළිබඳ සංකල්පය ගොඩ නඟන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉල්ලයි.
හෙතෙම ඒ බව සඳහන් කළේ වීඩියෝ තාක්ෂණය මගින් පැවති 73වැනි ලෝක සෞඛ්‍ය සමුළුව අමතමිනි.
මානවයා COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ දී මෙම සමුළුව පැවැත්වීම ඉතා වැදගත් බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය. ජනතාව හා ඔවුන්ගේ ජීවිත පිළිබඳව ඉතා දැඩි අවධානය යොමු කරන චීනය, විවෘත, විනිවිද හා වගකීම් සහගත ආකල්පයක අඛණ්ඩ ව රැඳී සිටී. මානව සංහතියේ පොදු ඉරණම පිළිබඳ සංකල්පයේ චීනය නොකඩවා ම නියැළි සිටී. ඒ ඒ රටවල අවශ්‍යතාවන් මත, තම හැකියාවන්ට අනුව, චීනය එම රටවලට විශාල සහායක් ලබා දී ඇතැයි ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.
වර්තමානයේ, කොරොනා වසංගතය මුළුමනින් ම මනා ලෙස පාලනය කළ යුතු බව පැවසූ ෂී ජින් පිං මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්රමුඛ කාර්යභාරය ඉටු කළ යුතු බව සඳහන් කළේ ය. අප්‍රිකානු රටවලට ලබා දෙන සහාය වැඩි කළ යුතු ය.
ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේ, ගෝලීය වශයෙන් කොරොනා වසංගත පාලන සහයෝගිතාවය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා, ඉදිරි වසර 2 තුළ, චීනය ඇ.ඩො. බිලියන 2ක ආධාරයක් ලබා දෙනු ඇති බවයි. වසංගතයෙන් පීඩා විඳින රටවල, විශේෂයෙන් ම, සංවර්ධනය වෙමින් පවතින රටවල, වසංගත පාලනයට හා එම රටවල ආර්ථික පුනරුත්ථාපනයට සහාය වීම ඉන් අපේක්ෂා කෙරේ.
විවිධ රටවල් එක්ව අත්වැල් බැඳ, මානව සංහතියේ සෞඛ්‍ය ආරක්ෂිත පොදු ඉරණම පිළිබඳ සංකල්පය පොදුවේ ගොඩ නඟන ලෙස ද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවේදී ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබේ.