Aboutceylon Online

ගිනි අවි රැසක් සමග සැකකරුවන් අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

ගිනිගත්හේන පිටකන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 – 31 වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් දෙදෙනාගේ නිවසේ ති ගල් කටස් වර්ගයේ ගිනි අවි දෙකක් , ගිනි අවි සදහා යොදන යකඩ බැරල් දෙකක් , අවි සදහා භාවිතා කරන යකඩ බැරල් දෙකක් , බදින තුවක්කුවක් අත්අඩංගුවට ගත් බවයි සැකකරුවන් අත්අඩංගුවට ගත් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.



සැකකරුවන් කළුගල සහ සප්ත කන්‍යා රක්ෂිත වල සැරිසරන වන සතුන් දඩයම් කර මස් කර අලෙවි කිරිමේ ජාවාරමේ කාලයක් තිස්සේ නිරතව සිටි අය බවයි වැටලිම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ.

සැකකරුවන් ගිනිගත්හේන ප්‍රදේශයේ දඩ මස් අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරුවන් සහ ගිනි අවි තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Scroll to Top