Aboutceylon Online

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය යලි යථා තත්ත්වයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට  ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකම පස් කදු සහ ගල් පෙරලිමෙන් අවහිර වි තිබු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.

වටවල දියගල , වටවල සිංහල විදුහල අසල , හැටන් වුඩ්ලන්ඩ් ප්‍රදේශය , ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු සහ ගල් පෙරලි යාමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු  සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු සහ ගල් මාර්ග සංවර්ධන අධිකාරිය , ශ්‍රි ලංකා යුධ හමුදා භට පිරිස් සහ පොලිස් නිලධාරින් එක් ව දැඩි පරිශ්‍රමයක් දරා ඉවත් කිරිමෙන් අනතුරුව පස් කදු කඩා වැටුණු ස්ථානවල රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුවක් විවෘත කර ඇත.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති අතර , ගංගා සහ ඇළ දොල පිටාර ගැලිමෙන් පහත්බිම් වල ජලයෙන් යට වි තිබු නිවාස  රැසක ජලය මේ වන විට බැස ගොස් ඇත.

අධික වර්ෂාවෙන් පිඩාවට පත් පවුල් වෙනුවෙන් සහන සැලසිමට ආපදා කලමණාකරණ ඒකකය කටයුතු කර ඇත.

Scroll to Top