මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (19) දින උදැසන ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් වුඩ්ලන්ඩ් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම ස්ථානයේද ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිකරුවකට සිමා කර ඇත.
(19) දින පස්වරු 3 ට පමණ ප්‍රධාන මාර්ගයට ඉහලින් වු පස් කන්ද කඩා වැටි ඇති අතර , හැටන් පොලිසියේ නිලධාරින් එක් ව එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුවක් විවෘත කිරිමට කටයුතු කරමින් සිටියි.
පස් කන්ද කඩා වැටිමෙන් පසු එම ස්ථානයේදි ලංගම බස් රථයක් හැටන් දක්වා ධාවනය කිරිමට උත්සහ කිරිමේදි එම බස් රථය මාර්ගය හරහා සිර වි ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට තවදුරටත් පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවන අවස්තාවේ සැලකිලිමත්ව රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.