මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (19) දින පෙ.ව 11 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව වටවල පොලිසිය පැවසිය.
වටවල පොලිස් වසමට අයත් වටවල සිංහල විදුහල අසල ප්‍රධාන මාර්ගයට මාර්ගයට ඉහලින් වු විශාල පස් කන්දක්ද , වටවල දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගල් සහිත පස් කන්දක් කඩා වැටි ඇති බවයි පොලිසිය පැවසුවේ.
මාර්ග සංවර්ධන අධිකාරිය , යුධ හමුදාව සහ වටවල පොලිසියේ නිලධාරින් එක් ව කඩා වැටුණු පස් කදු ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
එම මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.