මධ්‍යයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවවල (19) දින උදැසන 10 සිට පස්වරු 1 දක්වා ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පවුල් 80 කට ආසන්න පිරිසක් අවතැන් වි ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය පැවසිය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සහ දියගල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.
එම මාර්ගයට කඩා වැටුණු පස් කදු කිහිපයක් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් ඉවත් කර ඇති අතර , වටවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු සහ ගල් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා යුධ හමුදාව ,වටවල පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව සිදු කරනු ලබයි.
මේ අතර හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසින හැටන් ඔය පිටාර ගැලිමෙන් වටවල නගරය පිටුපස නිවාස 25 ක් පමණ ජලයෙන් යට වි ඇත.
මිට ප්‍රථමද අවස්තා කිහිපයකදි එම නිවාස ජලයෙන් යට විම නිසා හැටන් ඔය කපා පුළුල් කිරිමේ කටයුතු සිදු කලද එය නිසි ලෙස සිදු නොකර ඇති බවත්, පෞද්ගලික ජල විදුලි බලාගාරයකට ජලය ලබා ගැනිම සදහා හැටන් ඔය හරස් කර ඉදි කර ඇති වේල්ලක් හේතුවෙන් හැටන් ඔයේ ජලය රිසි සේ පහලට ගලා නොබැසිම හේතුවෙන් තමන් නිවාස ජලයෙන් යටවන බවයි පිඩාවට පත් ජනතාව පවසන්නේ.