කුවේට් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකන් 300 දෙනෙකු කුවේට් එයාර්වේස් විශේෂ ගුවන් යානයක් මගින් දිවයිනට රැගෙනවිත් තිබේ.
මෙම මඟීන් පිරිස අද(19) රාත්‍රී 6.50ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඒ කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 1451 දරණ විශේෂ ගුවන් යානයකින් මෙම ලාංකිකයන් පිරිස පැමිණ තිබේ
කටුනායක ගුවන්තොටුපලේදි නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම උපයෝගි කරගනිමින් ශාරීරික උෂ්ණත්වය පරික්ෂා කොට විෂබීජ හරනය කිරිමෙන් අනතුරුව මෙම පිරිස එදිනම යුධ හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතය.