නිරෝධානයට යොමු කර ඇති පවුල් 200 ක් සදහා හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් සහ ඔහුගේ සහෝදරයන්ගෙන් වියළි සලාක පාර්සල් බෙදා දෙයි.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති හැටන් දික්ඔය දරවල වත්ත පහල කොටස , දරවල වත්ත සහ දරවල ජනපදයේ පවුල් 200 කට අයත් සමාජිකයන්ට හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා සහ ඔහුගේ සහෝදරයන්ගේ මුල්‍යය අනුග්‍රහයෙන් වියළි සාලාක පර්සල් බෙදා දිමේ වැඩසටහනක් (04) දින සිදු කලහ.
හැටන් පොලිසියේ නිලධාරින් , ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයාගේ සහයෝගය මත එම ප්‍රදේශවලට ගොස් ස්වයං නිරෝධානයට යොමු කර ඇති පවුල් වෙසෙන නිවාස අසලට ගොස් මෙම වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදි.