වතුකරයේ ප්‍රාදේශිය රෝහල් වල සායන කටයුතු වලට පැමිණෙන රෝගින්ගේ ඖෂධ වට්ටොරුව තැපැල්කරුවන් හරහා වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින්ට නිවසට ගොස් ලබා දිමේ වැඩසටහන (02) හැටන් කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ආරම්භ කෙරිණ.
කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි වෛද්‍යය සාවිත්‍රි ශර්මා මහත්මිය ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය විසින් කොටගල ප්‍රාදේශිය රෝහලට සායන කටයුතු සදහා පැමිණි රෝගින්ගේ දත්ත වාර්තා අනුව ඖෂධ වට්ටොරුව ඇසුරුම් කර හැටන් , කොටගල සහ දිඹුල පතන යන ප්‍රදේශවල තැපැල්කරුවන් වෙත භාරදෙනු ලැබුහ.
තැපැල්කරුවන් විසින් එම ඖෂධ වට්ටොරුව නිවසටම රැගෙන ගොස් නොමිලේ ලබා දිමද මෙහිදි සිදු කරන ලදි.
වතු ආශ්‍රිතව තිබෙන සියළුම ප්‍රාදේශිය රෝහල් වල මෙම වැඩසටහන ඉදිරි දින කිහිපය තුලදි දියත් කරන බවයි එම රෝහල් වල දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් කියා සිටියේ.