කොරොනා වෛරසය ආසාදනය වූ 73 හැවිරිදි පිරිමි අයෙකු ඊයේ රාත්‍රී ජීවිතක්ෂයට පත්විය.
මෙරට කොරොනා ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගියේ ය.
මරණයට පත් වූ පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේ ඊයේ දිනයේදීම බවත් රෝගියා හඳුනාගෙන IDH රෝහලට මාරු කරන අවස්ථාවේ මිය ගොස් ඇති බවත් පවසයි.
මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන ලද අයෙකු බවත් හඳුනාගෙන ඇත.
රෝගියා රෝහල් ගතව ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදීයි.