දෙවියන්ගේ ආහාරය (food of the gods) ලෙස පෙර-පර දෙදිග ඇතැම් රටවල හැඳින්වෙන පෙරුම්කායම් (Asafetida) එකල කිරි දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වාම එකසේ භාවිතයට ගත් බෙහෙතකි.
පෙරුම්කායම් වල විද්‍යාත්මක නාමය Ferula assa fcetida වේ.මීටර් 1.5 – 2 ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික පැළෑටියක් වන පෙරුම්කායම් වෘත්තාකාර පත්‍ර ව්‍යුහයක් දරන අතර පත්‍ර 30 – 40ක් පමණ හට ගනී. කඳෙන් හට ගන්නා පත්‍රවල පුළුල් පත්‍ර කොපු ඇත. මල් හට ගන්නා නටු සෙ. මි. 10 පමණ ගනකම වේ.
මල් ළා කොළ කහ පැහැ වේ. ශාකයේ සියලු කොටස් සැර ගඳකින් යුක්තය.පෙරුම්කායම් ඉංග්‍රීසි භාෂාවෙන් Asafcetida ලෙස හැඳින්වෙන අතර දෙමළ භාෂාවෙන් Perankayam නමින් හැඳින්වේ.පෙරුම්කායම්, තෙළිඟු භාෂාවෙන් Inguva ය. කන්නඩි භාෂාවෙන් Ingu වේ.
ප්රංස භාෂාවෙන් Mende du diable (යක්ෂයාගේ අශූචි) ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂාවලින් Devils dung සහ asant, Food of the Gods, දෙවියන්ගේ ආහාරයයි.
1918 දී පැතිර ගිය ස්පාඤ්ඤ වසංගත රෝගය මැඬලීමට ද මෙම මහඟු ඖෂධය මහෝපකාරී වී ඇත.
ඇදුම රෝගය හා බ්රොන්කයිටීස්වලට පෙරුම්කායම් අඩංගු කුඩා උරයක් (පොඩි මල්ලක්) රෝගියාගේ ගෙල වටා එල්ලීම යුරෝපාකරයේ සාම්ප්‍රදායික ප්‍රතිකාරයක් බව අන්තර්ජාල තොරතුරු හෙළි කරයි.
මෙම ශාකයේ මුල් sesquiterpenc coumarins නම් ප්‍රති වෛරස කාරක ඖෂධය නිපදවන බවත් එය H. N. වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් බවත් 2009 වසරේදී පර්යේෂණ මඟින් සොයාගෙන තිබේ.
ඇතැම් රටවල පෙරුම්කායම් ගබ්සා කාරකයක් ලෙස භාවිත කරන බවට මතයක් පවතී. යුනානි (unani) ප්‍රතිකාරවලට අනුව ස්නායුගත රෝගවලට ද පෙරුම්කායම් මහඟු ඖෂධයක් බව කියැවේ.
ආයුර්වේදයේදී වාත හා පිත සමනයට භාවිත කෙරේ.සූප ශාස්ත්රයේදී භාවිත කෙරෙන විශේෂ spice වර්ගයක් ලෙස සැලකෙන පෙරුම්කායම් ආහාර දිරවීමෙහිලා මහඟු සේවයක් ඉටු කරයි.