කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් පනවා ඇති ඇදිරි නිතිය හමුවේ හැටන් දික්ඔය නගර සභාවේ පුස්තකාලයේ සමාජිකත්වය උසුලව පාඨකයින්ට නිවාසවලටම ගොස් පොත් ලබා දිමේ වැඩසටහනක් (31) දින ආරම්භ කරනු ලැබිණ.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්රන් මහතා ඇතුළු එම නගර සභාවේ පුස්තකාල සේවකයින් සමාජිකයන් වෙත නිකුත් කර ඇති පොත් නැවත ලබා ගැනිමත් අලුත් පොත් ලබාදිමත් මෙහිදි සිදු කරන ලදි.
පුස්තකාල සමාජිකත්වය ලබාගෙන නොමැති අය හට තාවකාලික සමාජිකත්වයක් ලබා දි එම පාඨකයන්ටද පොත් ලබා දිමද මෙහිදි සිදු කරන ලදි.
හැටන් දික්ඔය නගර සභාවේ සියළුම පුස්තකාල සමාජිකයන් සිටින ප්රදේශවලට ගොස් මෙසේ පොත් ලබා දිමේ කටයුතු සිදු කරන බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභපතිවරයා කියා සිටියේ.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග හැටන් දික්ඔය නගර සභා සිමාවේ සියළුම පුස්තකාල වසා දැමිමට නගර සභාව කටයුතු කර ඇත.