Aboutceylon Online

දික්ඔය ප්‍රදේශයේ වතු පවුල් 200 ක් දැඩි ස්වයං නිරෝධානයකට 

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් දික්ඔය දරවල වත්ත පහල කොටසේ  වතු කම්කරු පවුල් 200 ක් පමණ  (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට  යොමු කල බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු දේව ගැතිවරයෙක් පසුගිය දා හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණි දේව යාඥාවක් පවත්වා ආහාර මලු බෙදා දි එම දේවගැතිවරයා දිවයිනෙන් බැහැරව යාමෙන් පසු ඔහුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරු වි තිබුණා.

එම දේවස්ථානයේ රැදි සිටින කිහිපදෙනෙකු මේ වන විට සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇති අතර , එම දේව මෙහෙයට සහ ආහාර මලු ලබා ගැනිමට පැමිණි පිරිස හදුනාගත නොහැකි නිසා එම ප්‍රදේශයට වෙලදකලාප වල සහ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව සේවය කරමින් සිටි වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ ඇති නිසාත් , එම පවුල් දැඩි ස්වයං නිරෝධානයට යොමු කල බව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.

වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි

Scroll to Top