Aboutceylon Online

අසරණ අවස්ථාවේ සරණ වුන මනුෂ්‍ය හදවත

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වටවල රොසැල්ල සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක වැටි තිබු රු පන්දහසක මුදලක් සහිත මුදල් පසුම්බිය ත්‍රිරෝද රථ රියදුරා විසින් හැටන් නගර මධ්‍යයේ රාජකාරි කරමින් සිටි හැටන් රථ වාහන පොලිසියේ නිලධාරින් වෙත (01) දින භාරදෙනු ලැබුහ.

හැටන් ෂැනන් වත්තේ පදිංචි එම්.ශංකර් නැමති ත්‍රිරෝද රථ රියදුරා හැටන් මහජන වෙලදපොල අසල ත්‍රිරෝද රථයක් ධාවනය කරවන අතර , ඔහු (01) දින වටවල ප්‍රදේශයට ගොස් ආපසු හැටන් නගරයේ ත්‍රිරෝද රථ ගාල  වෙත ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේ රොසැල්ල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයට නැගි මගියෙකු හැටන් නගරයේදි ත්‍රිරෝද රථයෙන් බැස ගොස් ඇත.

ත්‍රිරෝද රථයේ රියදුරා ත්‍රිරෝද රථය ගාල් කල අවස්තාවේ පිටුපස අසුනේ මුදල් පසුම්බියක් තිබෙන බව දැක එම මුදල් පසුම්බිය හැටන් පැති විදියේ රාජකාරියේ නිරතව සිටි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් වෙත භාරදෙනු ලැබිණ.

මුදල් පසුම්බිය පරික්ෂා කල හැටන් රථ වාහන පොලිසියේ නිලධාරින් එම මුදල් පසුම්බිය තුල රු පන්දහසක මුදලක් සහ ජාතික හැදුනුම්පත තිබු අතර , එ අනුව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් ත්‍රිරෝද රථයේ නැටි තිබු මුදල් පසුම්බියක් හමු වි ඇති බව හැටන් නගරයේ සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම් දිමෙන් පසු නාවලපිටිය ප්‍රදේශයේ සිට හැටන් නගරයට බෙහෙත් ගැනිමට පැමිණි  තිදරු පියෙක්  ඉදිරිපත් විමෙන් අනතුරුව එම මුදල් පසුම්බියේ අනන්‍යතාවය තහවුරු කරගත් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් රු පන්දහසක් සහිත අදාල මුදල් පසුම්බිය අයිතිකරුට භාරදෙන ලදි.

Scroll to Top