අද ඇදිරිනීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 19 ට ලබන 06 වැනිදා උදෑසන 6 දක්වා යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.
එම දිස්ත්‍රික්කවල අද උදෑසන 6 ට ඉවත් කෙරුණු ඇදිරිනීතිය පස්වරු 2 ට යළි පැනවීමට නියමිතයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වෙනිදා සිටයි.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය බලාත්මක වේ.