Aboutceylon Online

කොවිඩ් -19 ඇසුරු කළ පුද්ගලයන් 2210 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාරවණ කරගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
කොවිඩ් – 19  ආසාදනයවී ඇති බවට දැනට හඳුනාගෙන ඇති රෝගීන් සමග ඇසුරු කළ පුද්ගලයන් 2210 දෙනෙකු පිළීබඳ තොරතුරු අනාරවනය කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් අදාල පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල සහ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය වෙත යොමුකර ඇති බැවින් සමාජය තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කරගැනීමට හැකිවී ඇති බව අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.
Scroll to Top