Aboutceylon Online

සියළු පන්සල්වල සතියක් එකම වෙලාවට පිරිත් කියන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්ත වීමේ හේතුවෙන් රටටත් ජනතාවටත් ආශිර්වාද පතා හෙට දිනයේ සිට සතියක කාලයක් දිනපතා පිරිත් දේශනා කර ආශිර්වාද කරන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් රට පුරා විහාරස්ථානවලට දැනුම් දී ඇත.

එම දිනවල එකම වේලාවක පිරිත් දේශනාව ආරම්භ කර එකම වේලාවක අවසන් කර රාත‍්‍රී 07.55ට සත්ක්‍රියාව කිරීම තුලින් එය විශාල ආධ්‍යාත්මික බලයක් වී රටක ජනතාවට ලෝකවාසීන්ට යහපතක් වන බව ද උන්වහන්සේලා සඳහන් කරති.

ඒ අනුව රාත්‍රී 7.00 ට සියලු විහාරස්ථානවල ඝන්ඨාර නාද කර ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කර බුද්ධ වන්දනාව, රතන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කරන ලෙසද මහනාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති.

අස්ගිරි සහ මල්වතු පාර්ශවය මහනාහිමිවරුන්, අමරපුර මහනාහිමි, රාමඤ්ඤ නිකාය මහා නාහිමි ඇතුළු ප‍්‍රධාන මහනාහිමි 30 දෙනෙකු මෙම ඉල්ලීමට අත්සන් තබා තිබේ.

Scroll to Top