Aboutceylon Online

කළුබෝවිල , මීගමුව හා නවලෝක රෝහල් වාට්ටු වසා දමයි – කාර්ය මණ්ඩලය අවදානමේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මීගමුවේ පිහිටා ඇති නවලෝක රෝහලේ කාර්යය මණ්ඩලයේ වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

මීට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් අද දිනයේ මිය ගිය රෝගියා ප‍්‍රතිකාර සදහා මුලින්ම එම රෝහල වෙත ඇතුළු වීමයි.

ඔහු තම මුල් තොරතුරු වසන් කර හෘදයාබාදයක් බව කියමින් එම රෝහලට ඇතුළුවීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය මෙසේ අවදානමට පත්ව සිටින බව වාර්තා වෙයි.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ 05 වාට්ටුවේ රෝගීන් හා කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එම රෝහල් වාට්ටුවේ සිටි රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බව හෙළි වීමෙන් පසු මෙම තීන්දුව ගෙන ඇත.

එමෙන්ම මීගමුව රෝහලේ 20 වාට්ටුවේද සේවකයන් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබේ.

Scroll to Top