මේ කොළඔ ප්රාදේශිය ලේකම් කාර්යාල භුමියේ පවත්වාගෙන යන වගාවක්. මෙම ස්ථානය වගාවට කොහෙත්ම සුදුසු ස්ථෘනයන් නොවන බව මේ photos දැක්කම එබට නොහිතේවි.
තනිකරම තාර දැමූ පොළවක් මත කඩා දැමු ගොඩනැගිලි කොටස් ගොඩගසා ඇති ස්ථානයක් කිවොත් ඔබ පිලිනොගනීවි. මේ ස්ථානයේ එම තාර පොළව එලෙසම ඇත ගොඩනැගිලි කොටස්ද එලෙසින්ම ඇත නමුත් මේ කොළඹ නගරය මැද ඒ මත සරුසාර වගාවකි.
ඔබ දන්නවද හැමදාම හවසට මගේ රාජකාරිය නිමාවෙන් පසු පොහොර උරවලට පස් පුරවගෙන ඇවිත් තාර පොලවමත අගල් 06කට වඩා පස් පිරෙව්ව. මගේ තනි වියදමින් කොම්පොස්ට් ගෙනත් කලවම් කරල වගාවට සුදුසු පසක් නිර්මානය කරගත්ත.
ගොඩක් අය මට පිස්සු කිව්ව මට හිනාවුනා කවුරු මොනා කිවත් මම සතුටෙන් වැඩ කලා ඒක මගෙ ඇගටත් හොද ව්යායමයක් වුනා.
මේ අතර ටික දෙනෙක් මගේ උත්සහය අගේ කලා ඒක මගෙ හිතට ශක්තියක් වුනා. මෙතන තිබ්බ ගල් ගොඩේ තැනින් තැන ගල් අයින් කරල වලවල් හදාගෙන ඒවට පස් පිරරෙව්ව දැන් මම අවුරුදු 2ක් පමන මෙම ස්ථානයේ විවිධ එළවලු වර්ග හිටවනව කැරට්, ලීක්ස් ඇරෙන්නට අනිත් හැම වර්ගයක්ම හිටෙව්වා සරුවට වගේම හොද පලදාවක් ලැබෙනව.
මට පිස්සු කියපු අයම අද හොද කියනව මට හිනාවුන අය අද වගාව දැකල සතුටු වෙනව. මම දවස පටන්ත ගන්නනේ මෙතනින් රාජනාරී නිමාවෙන් පසු දවස අවසන් කරන්නේ මෙතනින්.
මෙහි හැදෙන කිසිම දෙයක් මම සල්ලිවලට විකුනන්නේ නෑ කාර්යාලයට එන අසරණ අයටත් මට හිනාවුන පිස්සු කියපු හැමොටමත් යාලුවන්ට කාර්යාලයේ අයටත් ඉල්ලන ඔනම කෙනෙක්ටත් දෙනව සමහරු මට පින් දෙනව සමහරු ස්තූති කරනව.
මට ඒ මොනව නැතත් මම මේ තුළින් විශාල සතුටක් ලබනව ඒ සතුට මිළ කල නොහැකි වගේම මුදලට ගන්න පුලුවන් දෙයක් නෙවී.