මීගමුව රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප්‍රදේශය මේ වනවිට වසා දමා තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ නිවසේ සිටි පුද්ගලයින් 16 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බවයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.
මෙම පුද්ගලයා මිට දින 20 කට පමණ ඉහතදී යාපනය ප්‍රදේශයේ සංචාරය කොට යලි නිවසට පැමිණ ඇති අතර ඉන් අනතුරුව නිවසින් බැහැරව ගොස් නොමැති බවයි වාර්තා වුනේ.