සමෘද්ධි අමාත්යංශය මගින් සමෘද්ධි ලාභින්ට ලබාදෙන රු. 10000 සහ රු. 5000 ණය මුදල ලබා ගැනිමට (30) දින හැටන් සමෘද්ධි කාර්යයාලයට සමෘද්ධි ලාභින් විශාල පිරිසක් එක්රැස් වි සිටියා.
සමෘද්ධි කාර්යයාලය යටතේ පාලනය වන සමෘද්ධි වසම් සියල්ලටම අයත් සමෘද්ධි ලාභින් විශාල පිරිසක් උදැසන සිට සමෘද්ධි කාර්යයාලය ඉදිරිපිට එක්රැස් වි සිටි අතර , එම සැම සමෘද්ධි ලාභියෙකුම මුඛ ආවරණ පැළද සිටියද සමෘද්ධි ලාභින්ව මිටරයක දුර ප්රමාණයකින් තබා ගැනිමට හැටන් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් කිසිදු පියවරක් ගෙන නොතිබුණි.
සමෘද්ධි ලාභින් කියා සිටින්නේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම තිබියදි අනෙකුත් පලාත් වල සමෘද්ධි නිලධාරින් විසින් අදාල ණය මුදල වසමටම ගොස් ගෙවිම් සිදු කර ඇති බවත්, සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් එවැනි ක්රමයක් අනුගමනය නොකර සමෘද්ධි ලාභින්ව එකරාශ්රි කර අදාල ණය මුදල ගෙවිමට කටයුතු කර ඇති බවයි.