Aboutceylon Online

සංචාරක නිකේතන වලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් පිලිබදව වාර්තාවක් ඉල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පැතිර යන කොරෝනා රෝගය ව්‍යාප්ත විම වැලැක්විම සදහා හැටන් දික්ඔය නගර සභාව සහ පොලිසිය විසින් හැටන් ප්‍රදේශයේ පිහිටි සියළුම සංචාරක  නිකේතන හිමියන් දැනුවත් කිරිමේ වැඩසටහනක්  ආරම්භ කර ඇත.

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා සහ එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් ,සෞඛ්‍යය අංශ නිලධාරින් සහ හැටන් පොලිස් නිලධාරින් එක්වයි සංචාරක නිකේතන හිමියන් දැනුවත් කිරිමේ වැඩසටහන දියත් කර ඇත්තේ.

හැටන් ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන වලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකන්ගේ සම්පුර්ණ දත්ත වාර්තාවක් නගර සභාවට සහ පොලිසිය වෙත අනිවාර්යයයෙන්ම සංචාරක නිකේතන හිමියා විසින් ලබා දිය යුතුය.

මේ අතර කොරෝනා රෝගය පැතිර යාම වැලැක්විම සදහා ආයුර්වේද ඖෂධයක් වශයෙන් භාවිතා කරන ලෙස දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් විසින් උපදෙස් ලබා දි ඇති (පෙරුම්කායම්)මිල ඉහල දැමිමට වතුකරයේ වෙලදසැල් හිමියන් මේ වන විට කටයුතු කර ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද පෙරුම්කායම් පැකට්ටුවක් රු 10 වැනි ඉතා අඩු මුදලකට අලෙවි වු අතර , එ සදහා ඇති ඉල්ලුම ඉහල යාමත් සමග හැටන් නගරයේ ඇතැම් වෙලදුන් ඇසුරුම්කරණ ලද පෙරුම්කායම් පැකට්ටුවක් රු දෙසියයක් වැනි අධික මුදලකට අලෙවි කරන බවයි හැටන් ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

Scroll to Top