කොරෝනා රෝග අවධානමත් සමග ගත වු සති අන්තය තුල හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පැමිණිම සැලකිය යුතු ලෙස අඩු වි ඇත.
එම අවධානමද නොතකා සති අන්තයේ දිවියිනේ විවිධ ප්‍රදේශවල සිට තරුණ තරුණියන් කිහිපදෙනෙකු රැගත් වන්දනා නඩ කිහිපයක් පමණක් පැමිණි බවයි නල්ලතන්නිය නගරවාසින් කියා සිටියේ.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් නල්ලතන්නිය පොලිසිය ඉදිරිපිට වන්දනාකරුවන්ට දැත් පිරිසිදුව සෝදා ගැනිම සදහා වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලතනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග ශ්‍රි පාද රක්ෂිතයේ සිට මවුස්සාකැලේ ජලාශය දක්වා ජලය ලබා බසිනා සිතගගුලේ ජල මට්ටමද සැලකිය යුතු ලෙස පහල වැටි ඇති නිසා මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමද සිඝ්‍රයෙන් පහල බසිමින් පවති.