කොරෝනා රෝග අවධානම හේතුවෙන් ජල විදුලි බලාගාර නැරඹිමට අවසර ලබා නොදෙන බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමාන්‍යාධිකාරි සි.ජි.එස් ගුණසේකර මහතා පැවසිය.
පාසල් නිවාඩුවත් සමග ජල විදුලි බලාගාර නැරඹිමට බොහෝ පිරිසක් ඉල්ලුම් කර ඇති බවත්, පවතින රෝග අවධානම හේතුවෙන් ජල විදුලි බලාගාර නැරඹිමට අවසර ලබා දිම තාවකාලිකව නතර කල බවයි නියෝජ්‍යය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.
විදුලි බල මණ්ඩලය මගින් පවත්වාගෙන යන පාඨමාලාවන් සහ පුහුණුවිම් ද තාවකාලිකව නතර කල බවත්, විදුලි බාලාගර ආශ්රිත සේවයේ නියුතු ඉංජිනේරුවන් සහ සේවකයින්ගේ සෞඛ්‍යය ආරක්ෂාව සදහා විශේෂ වැඩ පිලිවෙලක් දියත් කර ඇති බවද ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස් ගුණසේකර මහතා පැවසයි.