Aboutceylon Online

වටවල වන වගා රක්ෂිතයක  ගින්නක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් වන අඩවි කාර්යයාලය යටතේ පාලනය වන හැටන් වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 20 ක් පමණ සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

උඩරට දුම්රිය මාර්ගයේ ඉහල වටවල දුම්රිය ස්ථානයට ඉහලින් (14) දින උදැසන සිට හටගත් ගින්න (15) දින අලුයම තෙක් පැතිර ගිය බවයි පොලිසිය පැවසුවේ.

පැතිර යමින් තිබු ගින්න වටවල පොලිසියේ නිලධාරින් , වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව පාලනය කිරිමට උත්සහ කලද එය ව්‍යාප්ත වි තිබුණි.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නා මගියෙකු විසින් විසි කරන ලද දුම්වැටියකින් හෝ  උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් මෙම ගිනි තැබිම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

මේ අතර කාසල්රි ජලාශයට ආසන්නයේ පිහිටි හැටන් දික්ඔය වනරාජා වත්ත පහල කොටසේ ඉලුක් සහිත රක්ෂිතයක (14) දින පස්වරුවේ හටගත් ගින්නක් පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින් සමත් වි ඇත.

ගින්නෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට මෙසේ ගිනි තැබිම් නිසා අක්කර දෙදහසකට ආසන්න භුමි ප්‍රමාණයක්  මේ වන විට ගිනිගෙන විනාශ වි ඇති බවත්, එ තුලින් ජල මුලාශ සිදි ගොස්  ප්‍රදේශය පුරා උග්‍ර පානිය ජල ගැටළුවක් මතු වි ඇති බවයි පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ.

Scroll to Top