Aboutceylon Online

වසර 40 කට පෙර කොවිඞ්-19 ගැන කළ සත්‍ය හෙළිදරව්ව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙයට වසර 40 කට පෙර ලියා තැබූ නවකතාවක් අද කොරෝනා පිළිබඳ ප්‍රබල සාක්ෂි දරන සත්‍යයක් බවට පත්වී තිබෙනවා.

මේ වන විට ලොව මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගෙන සහ බිලිගනිමින් තිබෙන අතිශය භයානක කොරෝනා වෛරසයේ සත්‍ය කතාන්දරය මෙම නවකතාකරුවා විසින් මෙයට වසර 40කට පෙර ලියා ඇත්තේ අතිශය විස්මිත අයුරිනි.


ඇමෙරිකාවේ සිටින ප්‍රකට සහ සම්මානනීය නවකතාකරුවකු වන ඩීන් කූන්ට්ස් Dean Koontz විසින් 1981 වසරේදී ලියන ලද ‘ද අයිස් ඔෆ් ඩාර්ක්නස්’ (The eyes of darkness) හෙවත් ‘අන්ධකාරයේ දෙනෙත්’ නමැති නවකතාවට පාදකවී ඇත්තේ, ලොව මහත් විනාශයක් කරා ගෙනයනු ලබන රහස්, අත්භූත වෛරසයකින් සිදුවන මනුෂ්‍ය විනාශයක් ගැනය.


එනම් දැනට ලොව පුරා මහත් විනාශයක් සිදුකරනු ලබන ‘කොවිඞ්-19’ (Covid-19) නමැති වෛරස් වසංගතයේ කතාවම මෙම නවකතාවට පාදකවී ඇති බව බටහිර ජාතීන් පවසනවා.


‘It was around then that a Chinese scientist named Li Chen defected to the United States carrying a diskette record of China’s most important and dangerous new biological weapon in a decare. They call the stuff ‘WUHAN-400’ because it was developed at the RDNS labs outside of the city od Wuhan. It was the four – hundrath viable strain of man-made microorganisms.’ පිටු 315කින් සමන්විත ‘Teh eyes of darkness’ (අන්ධකාරයේ දෙනෙත්) නමැති ග්‍රන්ථයේ එසේ එක් තැනක ඉංග්‍රීසි බසින් සඳහන් වන්නේ පුදුමාකාර වගතුගකි. එහි සිංහල අරුත මෙසේ ගෙනහැර දැක්විය හැකිය.


‘එම කාලයේදී තමයි ලී චෙන් නමැති චීන ජාතික විද්යාඥයකු පරිගණකමය ‘ඩිස්කට්’ වාර්තාවක් රැගෙන චීනයේ සිට ඇමෙරිකාවට එන්නේ. මේක තමයි පසුගිය දශක ගණනාවකදීම නිපදවනු අත්යාවශ්‍යයම සහ භයානකම ජීව විද්යාත්මක අවිය, මේක හදලා තියෙන්නේ චීනයේ.

මේකට නම තියලා තියෙන්නේ ‘වූහාන්-400’ කියලයි.

ඒකට හේතු චීනයේ වූහාන් නගරයෙන් ඔබ්බෙහි ඇති විශාලතම ජීව විද්‍යා පර්යේෂණාගාරයේ තමයි මේක හැදුවේ. මිනිසා විසින් නිර්මාණය කරන ලද ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන හැදූ මේ ජීව විද්යාත්මක අවිය හරිම ප්‍රබල එකක්. එහි 400 ගුණයකින් යුත් ජීවමය බලයක් තිබෙනව.


ලෝකයේ සිටින මිලියන ගණනාවක විවිධ නවකතාකාරයෝ, මිලියන ගණනාවක අනේක විදියේ නවකතා ලියා ඇත. එහෙත් ඒ මහා පොත් කන්දරාව අතරින් අද මෙම නිර්මාණය අපගේ දෙනෙත් නළලෙහි සිටුවා ඇති බව කිව යුතුමයි.

අද මුළු ලොවම මහත් භීතියෙන් හා ශෝකයෙන් මුසපත් කරවන ‘කොරෝනා වෛරස්’ වසංගතයේ කතාව මෙසේ ඒ ආකාරයෙන්ම වසර 40කට පෙර ලියා තැබීම අතිශය පුදුමාකාරය.

අද ලෝකයේ තිබෙන අන්ධකාරයේ මහා නගරය වන චීනයේ ‘වූහාන්’ නුවර ආශ්‍රීත කරගෙන මෙම වෛරස් වසංගතය බිහිවන අයුරු ඩීන් කූන්ට්ස් ලේඛකයා ලියා තබා තිබෙනවා.

‘WUHAN-400 is a perfect weapon, It afflicts only human beings, No other living creature can carry it.’
‘වූහාන්-400 සත්‍ය ලෙසම නියම ආයුධයක්, එයින් හානි කරන්නේ මිනිසාට පමණයි. වෙනත් කිසිම ජීවී සත්වයකුට එය බලපාන්නේ නැහැ.

මෙම අපූරු ග්‍රන්ථයේ ඇති ඉහත වැකියද අද සැබෑ ලෙසම මිහිමත සිදුව ඇති විනාශය කියාපායි.
එනම් මෙම වෛරසය ප්‍රබල ජීව විද්‍යාත්මක අවියක් ලෙසින් පෙන්වා දීමයි.
මෙයට මාස 2කට පෙර මෙම කොරෝනා වසංගතය ඇරැඹි විටදී ඉහත පොතේ සඳහන් ආකාරයෙන්ම වූහාන් නගරයේ පිහිටි විද්‍යා පර්යේෂණාගාරයක් ගැන බොහෝ කතා අසන්නට ලැබුණා.

එනම් එහි ප්‍රබල ජීව විද්‍යාත්මක අවියක් සෑදීමට ගත් උත්සාහයේදී මෙම කොරෝනා වෛරසය ලොවට මුදා හැරුණු බවයි.
‘අන්ධකාරයේ දෙනෙත්’ නමැති නව කතාවට ප්‍රධාන ලෙස පාදක වන්නේ, එක්තරා මවක් තමන්ගේ ආදරණීය පුත්‍රයා හදිසියේම මියගිය පසු එයින් ඇයට ඇති වන ශෝකයත් සහ දැඩි කම්පනයත්ය.

එම හැඟීම් දරා ගනිමින්ම ඇයගේ පුතාගේ මරණය සිදුවූයේ කෙසේ දැයි ඇය සොයන්නට වෙහෙසෙන්නේ, එම මරණයට හේතුවක් වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ නොකරන නිසයි.

ඇය මේ ගැන තවත් කණ්ඩායම්වල සහාය ඇතිව බොහෝ ගවේශණශීලීව සොයන්නට උත්සාහ දරන්නීය. අවසානයේදී මෙම වූහාන් වෛරසයේ වගතුග සොයාගන්නට ඇය සමත් වනවා.

ප්‍රථමයෙන් එක් රටක් සහ ඉන් පසු ලොව වටා ඇති රටවල් රාශියක් මෙම භයානක වෛරසය නිසා විනාශයට පත්වන හැටි ‘ද අයිස් ඔෆ් ඩාර්ක්නස්’ ග්‍රන්ථයෙන් පෙන්වා දෙනවා.

අද වර්තමානයේද මෙම තත්ත්වය ඒ ආකාරයෙන්ම සිදුවන අයුරු දක්නට හැකියි.

කෙසේ හෝ දැනට මාස දෙකක් ඉක්මවා ඇතත් මෙම භයානක වෛරසය මැඬලීමට හැකිවී නොමැත.

– උපුටා ගැනීමකි-

Scroll to Top