Aboutceylon Online

ඇමෙරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් රට පුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
ධවල මන්දිරයේ රෝස් ගාඞ්න්හි සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් කෝවිඞ් 19 වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේ.
මෙරිකාවේ ප‍්‍රාන්ත රැසක් පුරා නව කොරෝනා වෛරසය පැතිර ඇති අතර එරටින් වාර්තා වන අසාදිතයින් ගණන 2,269 ක් වනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ හැරුණු විට එරට ප්‍රාන්ත 49ක මේ වනවිට නව කොරෝනා (කොවිඩ්-19) වෛරසය ආසාදනය වූවන් වාර්තා වී තිබේ.

මරණ 49ක් වාර්තා වී ඇති බව රාජ්‍ය හා ප්‍රාදේශීය සෞඛ්‍ය ආයතන සහ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

ජනාධිපතිවරයා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කරමින් ස්ටැෆර්ඩ් පනත ක්‍රියාත්මක කිරීමටද කටයුතු කර තිබේ.

ස්ටැෆර්ඩ් පනත යනු අතිරේක ෆෙඩරල් අරමුදල් නිදහස් කර අරමුදල් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසන පනතකි.

හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස ට්‍රම්ප් සියලුම ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේය.

වෛද්‍ය ඇන්තනි ෆවුසි , ජනාධිපති ට්‍රම්ප් නව කොරෝනා වෛරසය පිටුදැකීම වෙනුවෙන් ගත් හදිසි ක්‍රියාමාර්ගය පැසසුමට ලක් කළේය.

මෙම පියවර මගින් වෛරසය පිටුදැකීම සඳහා සෞඛ්‍ය, රාජ්‍ය හා ප්‍රාදේශීය නිලධාරීන්ගේ සියලු බාධක ඉවත්ව යන බව ඔහු සඳහන් කළේය.

Scroll to Top