මංගල උත්සවයකට සහභාගි වී මත්පැන් පානයකර නිවෙස් බලා පැමිණි රියදුරෙකුට සිය මෝටර් රථයේ වේගය පලනය කරගැනීමට නොහැකිව මාවනැල්ල කොට්ටවත්ත හන්දියේ නවතා තිබූ මොටර් බයිසකල් පහකට පමණ අනතුරු සිදුකර ඇති බව 12 වනදා වාර්තා වේ.
මංගල උත්සවයකට සහභාගි වී අධික ලෙස මත් පැන් භාවිතා කර මාවනැල්ල දෙස සිට හෙම්මාතගම දෙසට මෝටර් රථයක් ධාවනය කල රියදුරෙකුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා කොට්ටවත්ත හන්දියේදී නවතා තිබූ මෝටර් සයිකල් තුනකට දැඩි අලාභ හානි සිදුකරමින් අනතුරක් සිදුකර අසල ගරාජයක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් සයිකල් කීපයක වැදී රථය නැවතී ඇති ආකාරය දැකගැනීමට ලැබුනි.
මෙම සිදුවීම වූ ස්ථානයේ යතුරුපැදි අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක් තිඛෙන අතර එම ස්ථානයට පැමිණි පාරිභෝකයන්ගේ නවීන මොටර් බයිසිකල් 3නකට දැඩි අලාභහානි සිදුවී ඇති අතර අළුත්වැඩියා කටයුතු සඳහා ගෙනවිත් තිඛෙන මෝටර් බයිසිකල් කීපයකටද දැඩි හානි සිදු වී ඇත.
මෙම සිද්ධිය සැලවූ වහාම මාවනැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරී මහතුන් එම ස්ථානයට පැමිණි අතරඑම අවස්ථාවේ රථය ධාවනය කල රියදුරුට සිටගෙන සිටීමටද නොහැකි පරිදි මත්පැන් පානයකර ඇති ආකාරය දැකගැනීමට ලැබුනි.
සිද්ධිය වූ ස්ථානයේ ඒ මොහොතේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් තිබූ බවත් පොලිස් නිලධාරීන් විසින් එම තත්ත්වය නවතාලන ලදි.
ඒ මෙහොතේ හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේ කොට්ටවත්ත හන්දියේ සුළු මාර්ග තදබදයක් තිබූ අතර නිලධාරීන් විසින් එය පාලනය කරන ලදි සිද්ධියෙන් මොටර් රථයේ ගමන්ගත කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර මෝටර් රථයේ ඉදිරිපස බඳ ප්‍රදේශයට හානි සිදුවී ඇත.