ශ්‍රි පාද හැටන් මාර්ගයේ සීත ගගුලේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා එම මාර්ගයේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් දැඩි අසිරුතාවයට පත්වි ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග මවුස්සාකැලේ ජලාශයට ශ්‍රි පාද රක්ෂිතයේ සිට ජලය ගලා බසිනා සිත ගගුලේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැස ඇත.
එක්වර විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන විට සිත ගගුලේ ගලා බසිනා ජල මට්ටම පහල වැටිම නිසා වන්දනාකරුවන්ට ස්නනානය කිරිමට සහ මුහුණ අතපය සොදා ගැනිම ඇතුළු තවත් තම අවශ්‍යතායන් සපුරා ගැනිමට ප්‍රමාණවත් තරම් සිත ගගුලේ ජලය ගලා නොබසින බවයි වන්දනාකරුවන් කියා සිටින්නේ.
නල්ලතන්නිය ප්‍රදේශයේ පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ සිදි යාම නිසා නල්ලතන්නිය නගරයේද උග්‍ර පානිය ජල ගැටළුවක් මතු වි ඇති නිසා වන්දනාකරුවන් මෙන්ම නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් හිමියන් සහ ප්‍රදේශවාසින්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.
මවුස්සාකැලේ ජලාශයේ දිය නාම සිදු නොකරන ලෙසට වන්දනාකරුවන්ව ආරක්ෂක අංශ විසින් දැනුවත් කර තිබියදිත් ඇතැම් වන්දනාකරුවන් එම උපදෙස් නොපිලිපැද මවුස්සාකැලේ ජලාශයේ ස්නානය කරන අයුරු අප කැමරාවේ සටහන් විය.
පවතින වියළි කාලගුණයත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමද සිඝ්‍රයෙන් පහල බැස ඇතත් , එම ජලාශය අවධානම් සහිත නිසා ජලාශයෙන් දිය නාම සිදු නොකරන ලෙසටයි වන්දනාකරුවන්ගෙන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.