පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන මහබැංකු මුල්‍ය වංචාවට චුදිතයෙකු වී සිටින පසුගිය රජයේ මුදල් ඇමති සැගවී ඇති බවත් 2015 පෙර පැවති ආර්ථීක වර්ධන වේගය අනුව රට ඉදිරියට ගියා නම් හරි ආකාරයෙන් ආර්ථිකය කළමනාකරණය කළා නම් අපේ රටට මෙවැනි ආර්ථික අහේනියක් නොඑන බවත් පෙන්වා දෙන ලදී.
මහජන මුදල් හොරා කෑම කවදා හෝ ඵල දෙන බවත් ඒ නිසා විනිවිද භාවයෙන් කටයුතු කිරීම දේශපාලනඥයින් ගේ වග කීම බවත් පෙන්වා දෙන ලදී.එසේම රටතුල විවිධ ආකාරයෙන් පාලකයින්, ජනතාව රවටමින් මුදල් උපයන සුදු කරපටි හොරුන් ට තිත කැබිය යුතුයැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන පායා මහතා පවස යි. කුරුණැගල දිස්ත්‍රික්කයේ පොදුජන එක්සක් පෙරමුණු ජයග්‍රහනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
ගම තුළ විශාල ප්‍රශ්න තිබෙනවා. මෙම ප්‍රශ්න විසදීම රජයේ වගකීමක්, ජනාධිපතිතුමා පත් කරගනු ලැබුවේ මෙම ප්‍රශ්නවලට පිලිතුරු අපේක්ෂාවෙන්. දිළිදු ඒ නිසාම අධ්‍යාපනය නිසි ආකාරයෙන් සම්පුර්ණ කිරීමට නොහැකි වු තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කරල තිබෙනවා. එය ඉතාමත් රැඩිකල් තීරණයක්.
සාම්ප්රදායානුකුළව සාමාන්‍ය පෙළ අසමත් කිසිවෙකුට රජයේ රැකියා ලබා ගැනීම සිහිනයක්. නමුත් ඒ සිහිනය යථාර්ථයක් කිරීමට අවශ්‍ය චක්‍ර ලේක වෙනස් කරල කැබිනට් අනුමැතිය සහිතව මුදල් අමාත්‍යාංශයට ඊට අදාල ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා යැයි ද මේ දක්වා පැවකි ආණ්ඩු ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සදහා වු අවධානය යොමු කළ ද මෙවර අධ්‍යාපනය වෙළදපළ රැකියා උත්පාදනය, සෞඛ්‍ය කෘෂි ක්ෂේත්රය යන අංශ කෙරෙහි යොමු වු ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාමක කරන බව ඔහු පැවසීය.
එසේම යෝග්‍ය තාක්ෂණය යොදා ගැනීම, ස්වාභාවික සම්පත් නිසි ආකාරයෙන් නිස්සාරණය කිරීම සහ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා ක්‍රමවේද සුලභ කිරීම තුළින් ආදායම් ප්‍රතිව්‍යාප්ත කිරීම සහදා වු වැඩපිළිවළක අවශ්‍යතාව රටක් වශයෙන් අපට තිබෙන අභියෝගයක් බවත් පෙන්වා දෙන ලදී. එසේම මේ සදහා වු මානව සම්පත පුහුණු කිරීම අවශ්‍ය බවත් රජයක් වශයෙන් එ සදහා මුදල් අවශ්‍ය බවත් පෙන්වාපදෙන ලදී.