කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් රජයේ සහ පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් අද (13) දින සිට වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
අප්‍රේල් මස ලබා දෙන පාසල් නිවාඩු අද(13) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය.
මේ සිදුවීම් සම්බන්ධයෙන් මව්පියන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද එහිදී අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.
“මේ අනපේක්ෂිත කැළඹීමත් එක්ක දරුවන් ලක්ෂ 43ක් ඉන්නවා. රට තුළ එහෙම තත්ත්වයක් නොමැති වුවත්. වෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.” යැයිි ඇමැතිවරයා පැවසී ය.
“පාසල් දරුවන් ගැවසෙන පෞද්ගලික අධ්‍යාපන ආයතවලිනුත් මේ ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා. නියමිත දිනට පාසල් ආරම්භ කිරිමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරනවා.”