Aboutceylon Online

ග්‍රේට් වෙස්ටන් ගින්නෙන් අක්කර 20 ක් විනාශයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පිදුරුතලාගල රක්ෂිතයට අයත් තලවකැලේ ග්‍රේට්වෙස්ටන් කන්දේ හටගත් ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

 ග්‍රේට්වෙස්ටන් කන්දේ ස්කල්පා කොටසේ හටගත් ගින්න පවතින දැඩි වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් කදු මුදුණ දක්වා පැතිර යමින් පැවති නිසා තලවකැලේ පොලිස් විශේෂ කාර්යයා බලකායේ භට පිරිස් , යුධ හමුදා කදවුරේ භට පිරිස් , තලවකැලේ පොලිසියේ නිලධාරින් , නුවරඑලිය වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක් ව ගින්න පාලනය කිරිමට දැඩි උත්සහයක නිරත විය.

පැතිර යමින් පැවති ගින්න පාලනය කිරිම සදහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහය ලබා ගැනිමට ආපදා කළමණාකරණ ඒකකය කටයුතු කර  තිබුණි.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයෙන් ඉහල කොත්මලේ ජලාශයෙන් අවස්තා හයකදි ජලය රැගෙන ගොස් ග්‍රේස්වෙස්ටන් කන්දේ ගින්න පැතිර යමින් තිබු ස්ථානයට ඉහලින් උඩු ගුවනේ සිට ජලය ඉස පැතිර ගිය ගින්න තරමක් පාලනය කිරිමෙන් පසු ගින්න පාලනය කිරිමට ග්‍රේට් වෙස්ටන් කන්දට ගොස් සිටි ආරක්ෂක අංශ නිලධාරින් , වතු කම්කරුවන් සහ වන අඩවි කාර්යයාල නිලධාරින් කන්දේ රක්ෂිතයේ ගිනි පටි කපා පැතිර යන ගින්න  පාලනය කිරිමට සමත් වි ඇත.

කිසියම් පිරිසක් විසින් ග්‍රේට් වෙස්ටන් කදුවැටියට ගිනි තබන්නට ඇති බවයි ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පැවසිය.

Scroll to Top