චීනය රජය විසින් කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකිකයන්ට වෛරස් පරීක්ෂණ කට්ටල 1000ක් හා මුහුණු ආවරණ 50000 ක් පරිත්‍යාග කිරීමට චීනය සූදානම් වෙයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් ද චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි.
ශ්‍රී ලංකා රජය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුලු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බවත් වෛරස් ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින සදහන් කරයි.