හලාවත රෝහලින් ඊයේ (11 වැනිදා) හමුවූ රෝගියා ඇතුළුව කෝවිඩ් – 19 වෛරසය ආසාදිත යැයි සැක රෝගීන් 20 දෙනකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.
මෙම වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා මෙරට නම් කළ රෝහල් 15කින් රෝහල් 6ක මේ වන විට ඔවුන් ප්‍රතිකාර ලබන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඉතාලියේ සිට මෙරටට පැමිණි අඹු සැමි යුවළක් අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයේ යෙදෙමින් සිටියදී කොරෝනා වෛසරය ශරීරගත වී ඇතැයි සැක කරමින් ඊයේ (11 වැනිදා) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව විශේෂ ප්‍රතිකාර ඒකකයේ රඳවා ඇත.
මග පෙන්වන්නකු සමග මෝටර් රථයකින් ඔවුන් පැමිණ තිබෙන අතර මග පෙන්වන්නා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව සදහන්.