Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වරුෂාව නොමැතිව ජල මට්ටම ඉහල යන අරකොටවැල්ල වැව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගම්වාසීන් විසින් නිර්මාණයකර තිබෙන හෙම්මාතගම අරකොටවැල්ල වැවේ උල්පත් ජලය අසාමාන්‍ය ලෙස වැඩිවෙන ආකාරය දැකගැනීමට විශාල ජනකායක්ට එම ස්ථානයට පැමැණෙන ආකාරය දැකගැනීමට ලැබුනි.

සිය ගොවිතැන් කටයුතු සඳහා මීට වසර ගනනාවකට පෙර ගම්වාසීන් විසින් අඹදෙනිය වසමට අයත් අරකොටවැල්ල ගම්මානයේ මෙම කුඩා වැව සකසා ඇති අතර මේ දිනවල මාවනැල්ල හෙම්මාතගම හා අරණායක ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියලි තත්ත්වය හේතුවෙන ඇල දොල ළිං සිඳි යමින් තිබේ.

නමුත් කිසිම ජල මාර්ගයක් එක් නොවන උල්පත් ජලයෙන් පමණක් පිරෙන මෙම වැව සීග්‍රයෙන් අසාමාන්‍ය ලෙස දැනට පවතින වියලි කාළගුණික තත්ත්වයත් සමග ජල මට්ටම ඉහල යමින් පවතින බව දැනගැනීමත් සමගම එම ස්ථානයට අවට ගම්මානවල ප්‍රදේශවාසීන් වැල නොකැඩී වැව් ස්මත්තට පැමිණෙන ආකාරය දැකගැනීමට ලැබේ.

මෙම සිද්ධිය සැලවීමත් සමග හෙම්මාතගම හා අරණායක පොලිස් ස්ථානවල නිලධාරීන්ද ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා මැවනැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මායිමේ පිහිටා ඇති මෙම අරකොටවැල්ල වැවේ ජල මට්ටම ඉහල යෑම සම්බන්ධව පරික්ෂා කිරීමට පැමිණි අතර ප්‍රදේශවාසීන් පවසන අන්දමට මීට දින කීපයකට පෙර මෙම වැවේ ජලය අඩු වී තිබූ අතර 2019 දෙසැම්බර් මාසයේ සිට මේ වන තෙක් ජලය එක් රැස්වෙන පරිදි වර්ශාවක් ඇද හැලී නොමැති බවත් මෙවන් වියලි කාළගුණික තත්ත්වයක් මත කිසිම ජල මාර්ගයක සම්බන්ධතාවයක් නොපවතින උල්පත් මගින් පමණක් ජලය එක්රැස්වෙන මෙම වැවේ ජලය මෙසේ සීග්‍රයෙන් වැඩි වීම පුදුමයක් බවත් ප්‍රදේශයේ කුඹුරුවල වල් පඳුරු හා අවට ගස්කොලන් පවා මේ වන විට මැරී ගොස් ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

Scroll to Top