නව කොරෝනා වෛරසය ආසාදනවු පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් වාර්තා වී ඇත.ඉතාලි සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.ඔහු මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව සඳහන්.
කෙසේ වෙතත් මෙම රෝගියාට කොවිඩ්-19 වෛරසය වැළඳී තිබේද යන්න ස්ථීර වශයෙන් තහවුරු කරගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමානාකරණ ඒකකය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනුයේ මේ වන විට ලෝකය පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබෙන බව සහ මෙරට තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කිරීමට පියවරගත් එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහාය ගෙනයන වැඩපිළිවෙළට ලබාදෙන්නැයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන් කර සිටියි.