කොවිඞ් 19 හෙවත් කොරොනා වෛරසය වැළදී ඇති බවට සැකකෙරෙන කාන්තාවක් හලාවත මහ රෝහලේ සිට අංගොඩ අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර තිබෙනවා.
මෙම කාන්තාව උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ හලාවත මහ රෝහලට ඇතුළත් වු බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළා.
56 හැවිරිදි ආඩිගම සේරුකැලේ ප්ර්රදේශයේ පදිංචි මෙම කාන්තාව ඉතාලියේ සේවය කර ඇති අතර, ඇය පසුගියදා දිවයිනට පැමිණ ඇති බව සදහන්.