මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් තේ වගාවෙන් 60% පමණ මේ වන විට වියළි ගොස් ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය.
1991 වසරෙන් පසු තේ වගාවට මෙවැනි දැඩි බලපැමක් 2020 වසරේ එල්ල වි ඇති බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.
වියළි කාලගුණයට වඩා කදුකරයේ පවතින අධික උෂ්ණත්වය තේ වගාව විනාශ විමට හේතුව වි ඇති බවත්, පවතින තත්ත්වය මත තේ නිෂ්පාදනයද 40% කින් පහත වැටි ඇති බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.
ජල පෝෂක ප්‍රදේශවලට සහ රක්ෂිත වලට ගිනි තැබිම්, ගැස් කැපිම් සහ මධ්‍යම කදුකරයේ සිදු කරන පරිසර විනාශයන් වියළි කාලගුණයට සහ අධික උෂ්ණත්වයට හේතුව වි ඇති බවද වතු අධිකාරිවරුන් කියා සිටියි.
අධික උෂ්ණත්වය හේතුවෙන් තේ වගාවේ විශාල කොටසක් වියළි යාම හේතුවෙන් වතු කම්කරුවන්ට දෛනිකව ලබාදෙන වැඩ දින ගණනද අඩු විම හෙතුවෙන් වතු කම්කරුවන්ගේ ආදායම් තත්ත්වය පහත වැටිම නිසා වතු කම්කරුවන් තාවකාලිකව තේ කර්මාන්ත රැකියාවලින් ඉවත් වි ඔහුන් දෛනිකව වැඩි ආදායම් ලබන වෙනත් රැකියා වල නිරත විමේ අවධානමක් ඇති බවද වතු අධිකාරිවරුන් කියා සිටියි.
තේ වතු ආශ්‍රිතව රක්ෂිතවලට ගිනි තැබිම් නිසාත්, තේ වගාවේ විශාල කොටසක් පිලිස්සි ඇති බවත්, තේ වතු ආශ්රිත රක්ෂිතවලට ගිනි තැබිම් නිසා වතු කම්කරුවන්ට පානිය ජලය ලබාදෙන ජල මුලාශද සිදු යාම හේතුවෙන් වතුකරයේ ජනතාවට පානිය ජල ගැටළුවක්ද මතු වි ඇති බව වතු අධිකාරිවරුන් පෙන්වා දෙයි.
පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ උඩරට තේ කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින බවත්, එ තුලින් ලක්ෂ ගණනක වතු කම්කරුවන්ගේ රැකියා වලට දැඩි අවධානමක් පවතින බවද වතු කම්කරුවන් කියා සිටියි.
පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අප වතු කම්කරුවන්ගෙන් කල විමසුමකට වතු කම්කරුවන් කියා සිටියේ දිනක රු 750 ක වැටුපට අමු තේ දළු කිලෝ 15 ක් නෙලිය යුතු බවත්, තේ ගස් වියළි යාම නිසා එම තේ දළු ප්‍රමාණය නෙලිමට නොහැකි බවයි.
තේ ගස් වියළි යාම නිසා වතු සමාගම් විසින් තමන්ට ලබාදෙන වැඩ දින ගණන අඩුවිම හේතුවෙන් තමන්ගේ ආදායම් තත්ත්වය පහල වැටෙන බවත්, අමතර ආදායම් ලබා ගැනිම සදහා ඇතැම් වතු කම්කරුවන් එලවළු වගාව සහ ගව පාලනය සිදු කලද , පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම කර්මාන්තයටද දැඩි බලපැමක් මේ වන විට එල්ල වි ඇති බවයි.
පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තය යලිත් යථා තත්ත්වයට පත්වන තෙක් තමන්ට සහනාධාරයක් ලබාදෙන ලෙස වතු කම්කරුවන් රජයෙන් ඉල්ලා සිටියි.