පෑලියගොඩ, වත්තල, කැළණිය,බියගම ඇතුළු ප්රදේශ රැසකට හෙට (10) පෙරවරු 08.00 සිට පැය පැය 24 ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්රදේශය, කැළණිය, බියගම, මහර, දොම්පේ, ජා – ඇල ප්රාදේශිය සභා බල ප්රදේශය සහ ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේ.
හෙට පෙරවරු 08.00 සිට පසුදින පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් එම ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.