මුම්බායිහිදී ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම අතර පැවැති විස්සයි 20 තරගයෙන් විශිෂ්ඨ ලෙස ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම ජය ගැනීමට සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවි පන්දුවාර 20 තුල ලකුණු 161ක් ලබා ගැනීමට සමත්විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා ගත හැකි වුයේ පන්දුවාර19යි පන්දු 5ක් තුල සියල්ලන් දැවි ලකුණු 154ක් පමණි.
ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් ප්රවීණයන්ගේ තරගය අවසන් මොහොත දක්වාම දෙපිලටම දොලනය විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වු ඔස්ට්‍රේලියානු පිතිකරුන්ගෙන් සාර්ථක වීමට හැකි වූයේ නේතන් ජෝන් රීර්ඩන් පමණි. ඔහු ලකුණු පන්දු 53ක් තුල ලකුනු 96ක් ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම ඉන්දියානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම සමඟ තරගය ලබන 10 වෙනිදා මුම්බායිහිදී රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ශාන් විසින් මෙහෙය වන අතර මාවන් අතපත්තු, චාමර කපුගෙදර, පර්වේස් මහරුෆ්, මලින්ද වර්ණපුර, රොමේෂ් කළුවිතාරණ, අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, සචිත්ර සේනානායක, තිලාන් තුෂාර, උපුල් චන්දන සහ දුලංජන විජේසිංහ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ සංචිතයට ඇතුළත්ය.
https://youtu.be/a026heX_uVg