කාලීන අවශ්‍යතාවයක් හදුනා ගනිමින් පරිගණක අධ්‍යාපනය පහ ශ්‍රේණියෙන් ඉහල පාසල් සිසුන්ට ලබාදීමට වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් අපගේ ප්‍රශංසාව එක් කරමු.
ශ්‍රී ලංකාවෙහි සිටින ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහල නැංවීමට රජය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ග වලට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ පුර්ණ සහයෝගය ලබාදීමට අපේක්ෂා කරමු.
තවද පසුගිය කාල වකවානුවෙහි කඩාවැටී තිවු ‘නැණසල’ පරිගණක තාක්ෂණ වැඩසටහන යලි පණගන්වන්නට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීම කාලෝචිත ක්‍රියාවක් බවද අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුම් දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති – ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය