ජාතික සමගි පෙරමුණේ රටට පෙන්වන තරම් සමගියක් එම පෙරමුණ තුල නොමැති බවත්, ජනතා විමුක්ති පෙරමුණ තුල ජනතාව නොමැති බව ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්රික් සංවිධායක සහ හිටපු පා.ම සි.බි.රත්නායක මහතා පැවසිය.
සි.බි.රත්නායක මහතා එ බැව් කියා සිටියේ (07) දින පුඩළුඔය නගරයේ පැවති ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්රික් ක්රියාකාරින් හමු වු අවස්තාවේ පැවති රැස්විමේදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි.බි.රත්නායක මහතා කියා සිටියේ පක්ෂ භේදයකින් තොරව මේ රටේ උපාධිදාරි රැකියා විරහිත අයට පත්විම් ලබාදිමෙන් පසු එ පිලිබදව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර එම පත්විම් තාවකාලිකව නතර කිරිමට ක්රියා කලේ කවුද යන්න පිලිබදව මේ රටේ ජනතාව හොදින් දන්නා බවයි.
මේ රටේ කබාසිනි කරපු , බැදුම්කර වංචාව සිදු කල , මේ රටේ සංවර්ධනය අඩාල කල , එක්සත් ජාතික පක්ෂය යලිත් මේ රටේ බලය ඉල්ලා සිටින බවත්, එම බලය ලබා දිමට මේ රටේ ජනතාව කටයුතු නොකරන බවයි හිටපු පා.ම.සි.බි.රත්නායක මහතා කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් මහ මැතිවරණය සදහා ඉදිරිපත් වුවද එය ශ්රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට අභියෝගයක් නොවන බවයි සි.බි.රත්නායක මහතා රැස්විම අමතමින් වැඩි දුරටත් කියා සිටියේ .