හැටන් දිඹුල පොලිස් වසමට අයත් කොටගල වුටන් වතුයායේ කාර්මික නිලධාරියෙකු වශයෙන් සේවය කල ඉන්දියානු ජාතිකයෙකු ඔහුගේ බිරිද සහ කුඩා දියණිය සමග භුමිතෙල් බෝතලයක් අතතිව වතු පාලන අධිකාරියට එරෙහිව (06) දින උදැසන සිට විරෝධතාවයක් ආරම්භ කර ඇත.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දෙවන නගරය හරහා වුටන් වතුයායට පිවිසෙන මාර්ගය අවහිර කරමිනුයි මෙසේ විරෝධතාවයේ නියැලෙන්නේ.
ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචි එ.එස්.මගාසුන්දරම් නැමති කාර්මික ශිල්පියා මිට වසර 2 ½ ප්‍රථම දිවයිනට පැමිණි බවත්, එදා සිට කාර්මික ශිල්පියෙකු වශයෙන් අදාල පෞද්ගලික වතුයායේ සේවය කරමින් සිට ඇත.
වතු පාලන අධිකාරිය මගින් පසුගිය දා ඔහු සේවයෙන් ඉවත් කර ඔහුට වතු පාලන අධිකාරිය මගින් ලබා දි තිබු තාවකාලික නිල නිවාසයේ විදුලි බලය සහ පානිය ජලයද කප්පාදු කර ඇත.
විරෝධතාවයේ නියැලි සිටින එ.එස්.මගාසුන්දරම් කියා සිටින්නේ තමන් මිට වසර 3 කට ප්‍රථම සංචාරක විසා මත දිවයිනට පැමිණි බවත්, ඉන් අනතුරුව විදේශිය රටකදි හදුනාගත් ශ්‍රි ලාංකික කාන්තාවක් සමග විවහා වි මෙරට තුල ජිවත් වන බවයි.
අදාල වතුයායේ වසර 2 ½ කාලයක් සේවය කල බවත්, එම කාලය තුල ශ්‍රි ලංකාවේ රැදි සිටිමට විසා දිර්ඝ කර නොමැතිව නිත්‍යානුකුල නොවන ආකාරයට මෙරට තුල රැදි සිටි බවයි.
වතු පාලන අධිකාරිය මගින් පසුගිය දා තමන්ව සේවයෙන් ඉවත් කර තමන් නිවසට ලබා දුන් විදුලි බලය සහ ජල පහසුකම්ද අත්හිටුවා තමන් වෙත ගෙවිය යුතු කිසිදු දිමනාවක් නොගෙවිම සම්බන්ධයෙන් දිඹුල පොලියටද පැමිණිල්ලක් කල බවත්, එම පැමිණිල්ලටද සාධාරණයක් ඉටු නොවු නිසා තමන් මෙසේ බිරිද සහ දරුවා සමග විරෝධතාවයේ නියැලෙන බවයි.
තමන්ට ගෙවිය යුතු හිග වැටුප් ගෙවන බවට වතු පාලන අධිකාරිය පොරොන්දු වන තෙක් තමන් විරෝධතාවයේ නියැලෙන බවයි ඉන්දියානු ජාතික එ.එස්.මගාසුන්දරම් මහතා කියා සිටින්නේ.
විරෝධාතයේ නියැලි සිටි ස්ථානයට පැමිණි වුටන් වතුයායේ වතු පාලන අධිකාරිය සහ විරෝධතාවයේ නියැලි සිටින ඉන්දියානු ජාතික එ.එස්.මගාසුන්දරම්ට සහයෝගය දැක්විමට පැමිණ සිටින පිරිස අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
වතු පාලන අධිකාරිය කියා සිටින්නේ 2020 ජනවාරි මාසයෙන් මොහු රැකියාවෙන් ඉවත් වන බවට දැනුම් දි තිබුණද ඔහු මෙතෙක් සේවයෙන් ඉවත් නොවි විවිධ ඉල්ලිම් වතු පාලන අධිකාරිය මගින් ඉල්ලමින් සිටින බවයි.