හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලියට පැමිණෙන දේශිය ඇතැම් සංචාරකයින් විසින් ඔහුන් රැගෙන එන ආහාරපාන අනුභව කර ඉවතලන ප්ලාස්ටික්,පොලිතින් ඇතුළු අපද්‍රව්‍යය හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට බැහැර කිරිම නිසා මාර්ගයේ දැඩි පරිසර හානියක් සිදු වි ඇති බව එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව චෝදනා කර සිටියි.
හැටන් මාර්ගය ඔස්සේ දිනකට විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් නුවරඑලිය දක්වා ගමන් කරන අතර , එසේ පැමිණෙන දේශිය ඇතැම් සංචාරකයින් විසින් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගාල් කිරිමට ප්‍රධාන මාර්ගයේ ඉඩ පහසුකම් ඇති ස්ථානවල රථ වාහන ගාල් කර තමන් රැගෙන එන ආහාර පාන එම ස්ථානයේදි ආහාරයට ගෙන ඉන් ඉවතලන ප්ලාස්ටික් , පොලිතින් ඇතුළු අපද්‍රව්‍යය එම මාර්ගයේ පිහිටි තේ වත්තට සහ ප්‍රධාන මාර්ගය අභියසට බැහැර කිරිම නිසා මේ වන විට එම මාර්ගයේ විශාල පරිසර හානියක් සිදු වි ඇත.
තවද ඇතැම් පිරිස් මත්පැන් පානය කර හිස් බෝතල් සහ ටින් ප්‍රධාන මාර්ගයට බැහැර කර ඇති අතර , නුවරඑලියට පැමිණෙන ඇතැම් සංචාරකයින් රථ වාහන ගාල් කිරිමට ප්‍රධාන මාර්ගයේ අභියස ඉඩ පහසුකම් ඇති ස්ථානවල ඉහුම් පිහුම් කටයුතු සිදු කර ඇති ආකාරයක්ද දක්නට ඇත.
දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලියට පැමිණෙන නිසා හැටන් ප්‍රදේශයේ සහ පිටතින් පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක්ද ප්‍රධාන මාර්ගය අභියස රථ වාහන තබා ගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කරයි .
එම ව්‍යාපාරික පිරිස පවසන්නේ තමන් ව්‍යාපාර කටයුතු සිදු කර ඉවත ලන අපද්‍රව්‍යය සවස් කාලයේ පුළුස්සා විනාශ කරන බවයි.
රාත්‍රි කාලයේ තමන් ව්‍යාපාර කටයුතු සිදු කරන ස්ථානවල කිසියම් පිරිසක් විසින් මත්පැන් පානය කරන බවත් , එ තුලින්ද හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ විශාල පරිසර හානියක් සිදු වි ඇති බවයි.
පරිසරය රැක ගැනිම සදහා කොතෙක් ජනතාව දැනුවත් කලද ජනතාව එ පිලිබදව කිසිදු තැකිමක් සිදු නොකර මෙසේ පරිසරයට අපද්‍රව්‍යය මුදා හැරිම නිසා කන්ද උඩරට සුන්දර පරිසරය අවලස්සන වි ඇති බවද ව්‍යාපාරිකයන් පවසයි.
සංචාරකයන්ට අමතරව හැටන් ප්‍රදේශයේ ඇතැම් රියදුරන්ද හැටන් නගරයේ ඇතැම් වෙලදසැල් වලින් ඉවතලන ප්ලාස්ටික් පොලිතින් ඇතුළු අපද්‍රව්‍යය ව්‍යාපාරික ස්ථානවලින් මුදල් ලබාගෙන ත්‍රිරෝද රථයෙන් රැගෙන විත් රාත්‍රි කාලයේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය අභියස ඉතා රහසිගතව බැහැර කරනු ලබයි.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සිදු වි ඇති මෙම විශාල පරිසර හානිය නතර කිරිමට ආරක්ෂක අංශ සහ අදාල පලාත් පාලන ආයතන කඩිනමින් පියවර ගත යුතු බවයි මාර්ගයේ ගමන් ගන්නා පරිසර හිතකාමි ජනතාව පවසන්නේ.