Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බගවන්තලාව නගරයේ වෙළදසැල් රැසකට නෛතික පියවර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව  යටතේ පාලනය වන බගවන්තලාව නගරයේ ආපන ශාලා , එළවළු වෙළදසැල් , සිල්ලර වෙළදසැල් , තොග වෙළදසැල් සහ ජංගම වෙළදසැල් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ගේ  හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

බගවන්තලාව නගරයේ ආපන ශාලා ඉතා අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපන ශාලා හිමියන් කිහිපදෙනෙකුට සහ  අවස්තා කිහිපයකදි  භාවිතා කල පොල්තෙල් භාවිතා කරමින් ආහාර පාන සකස් කල වෙලදුන් කිහිප දෙනකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමටත් අඩුපාඩුකම් සහිතව ආපන  ශාලා පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් කිහිපදෙනෙකුට අඩුපාඩුකම් සපුරා  ගැනිමට දින 14 ක කාලයක් ලබාදෙනු ලැබුවා.

මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සිදු කල හදිසි පරික්ෂාවේදි ශිතකරණයක් නොමැතිව යෝගට් ,අයිස්ක්‍රිම් බගවන්තලාව නගරවේ වෙලදුන්ට තොග වශයෙන් අලෙවි කිරිමට ලොරි රථයකින් පැමිණ සිටි යෝගට් සහ අයිස්ක්‍රිම් නිෂ්පාදකයෙකුට එරෙහිවද නෛතික පියවර ගැනිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

තවද ආහාර පිසිම සදහා ඇතැම් ආපන ශාලා හිමියින් ආපන ශාලාවේ මුළුතැන්ගෙහි උපයෝගි කරගෙන තිබු උපකරණ අපිරිසිදුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින්  පරික්ෂා කර එම ආපනශාලා හිමියන්ව දැනුවත් කිරිමටද පියවර ගනු ලැබුහ.

එලවළු වෙලදසැල් වල පණුවන් සහිතව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයේ එලවළු අලෙවි කල වෙලදුන් රැසක් මහජන සෞඛ්‍යය පරික්ෂකරුන්ගේ අවධානයට යොමු වු අතර එම එලවළු එම වෙලදුන්ගේ  සිය කැමැත්ත ඇතිව විනාශ කිරිමට වැටලිම සිදු කල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

තවද බගවන්තලාව නගරයේ ලොරි රථවල තබාගෙන මත්ස්‍යය අලෙවි කරන  වෙලදුන්ට මත්ස්‍යය අලෙවි කිරිමේදි  නියමිත ප්‍රමිතියට අයිස් යෙදිය යුතු බවටද වෙලදුන්ව දැනුවත් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

මෙම වැටලිමේදි ආහාර පරිහරණය කරන වෙලදසැල් ලියාපදිංචි කිරිමක්ද සිදු කල අතර , එසේ ලියාපදිංචි කල ආහාර පරිහරණ ස්ථාන නිසි ආකාරයට සහ ප්‍රමිතියට පවත්වාගෙන යනවාද පිලිබදව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පසු විපරමක්ද  සිදු කිරිමට නියමිතය.

මෙම වැටලිමට නුවරඑලිය ප්‍රාදේශිය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍යය සේනක තලගල , නුවරඑලිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක ගාමිණි පෙරේරා ඇතුළු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසි දෙනකු පමණ සහභාගි වු අතර , මෙසේ සහභාගි වු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් අතර අලුතින් පත්විම් ලැබු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් 16 දෙනෙකුද සහභාගි විය.

Scroll to Top