Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දික්ඔය මුලික රෝහලේ අක්ෂි ඒකකය පාගමනක් පවත්වයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ මස 14 දිනට යෙදෙන ජාත්‍යන්තර ග්ලෝකෝමාව දිනයට සමගාමිව දික්ඔය මුලික රෝහලේ අක්ෂි ඒකකය විසින් වතුකරයේ ජනතාව දැනුවත් කිරිම සදහා පාගමනක් (06) දින පැවැත්වුවා.

ග්ලෝකෝමාව හේතුවෙන් අන්ධභාවය ඇති විය හැකි බවත්, අදුර්ෂමාන ග්ලෝකෝමාව පරදවමු යන මැයෙන් මෙම පාගම පැවැත්විණ.

දික්ඔය මුලික රෝහලේ අක්ෂි ඒකකයේ අක්ෂි ශෙල්‍යය විශේෂඥ වෛද්‍යය කලාෂි යෝගනාදන් මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි පාගමන පැවැතේවුණේ.

දික්ඔය මුලික රෝහලේ විශේෂඥ වෛද්‍යයවරුන් , වෛද්‍යවරුන් ,හෙදියන් සහ කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ආරම්භ කර හැටන් බස් නැවතුම්පොල දක්වා ග්ලෝකෝමාව රෝගය පිලිබදව ජනතාව දැනුවත් කිරිම සදහා පොස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය කරමින් හැටන් නගරයේ ජනතාවට අත්පත්‍රිකා බෙදා දෙමිනුයි මෙම පාගම පවත්වනු ලැබුවේ.

අවුරුදු 40 ඉක්මවු අයෙකුගේ දුර පෙනිම දුර්වල විම , ස්ටොරොයිඩ් ඖෂධ දිර්ඝ කාලිනව භාවිතා කිරිම , අධික රුධිර පිඩනය හෝ දියවැඩියාව , ඇස් වලට අනතුර සිදු වි තිබිම ඇති අය ග්ලෝකෝමාව රෝගය පිලිබදව සායන වලට සහභාගි විය යුතු බවයි දික්ඔය මුලික රෝහලේ අක්ෂි ඒකකයේ අක්ෂි ශෙල්‍යය විශේෂඥ වෛද්‍යය කලාෂි යෝගනාදන් මහත්මිය කියා සිටියේ.

තේ වතු ආශ්‍රිතව ග්ලෝකෝමාව ඇති රෝගින් විශාල පිරිසක් දික්ඔය මුලික රෝහලේ අක්ෂි සායනයට පැමිණෙන බවත්, අක්ෂි සායනයට පැමිණ නිසි වෛද්‍යය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගන්නා අයෙකුට ග්ලෝකෝමාව  අවම කර ගත හැකි බවයි දික්ඔය මුලික රෝහලේ අක්ෂි ඒකකයේ අක්ෂි ශෙල්‍යය විශේෂඥ වෛද්‍යය කලාෂි යෝගනාදන් මාධ්‍යයවේදින් හමුවේ කියා සිටියේ.

Scroll to Top