Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දඹරන් පිළිමයක් සමග නිදන් හැරූ සැකකරුවන් අතඅඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හෙම්මාතගම අරකොටවැල්ල නව ගම්මානයේ නිවසක් පිටුපස අඩි 8ක් පමණ වලක් හාරා නිධානයක් ගත්තැයි සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු දඹ රන් බවට සැකකරන පිළිමයක් සමග හෙම්මාතගම පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන ඇත.

හෙම්මාතගම පොලිසියේ හදිසිවැටලීම් අංශයේ ස්ථානාධිපති උ පො ප රංජිත් බණ්ඩාර පො සැ 38760 නිස්සංක හා විශේෂකාර්්‍යංශයේ නිලධාරීන්ට නිධානයක් ගන්නා බවට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිළධාරීන් කංඩායමක් එම ස්ථානය වන අරකොටවැල්ල නව ගම්මානය ප්‍රදේශයේ සැඟව විමර්ශනය කරන අතරතුර සැකකටයුතු නිවස දෙස සිට අරකොටවැල්ල දෙසට පැමිණි සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරික්ෂා කිරීමේදි රියදුරුට අමතරව පසුපස ආසනයේ සිටි පුද්ගලයා ලඟ ලේන්සුවක ඔතා තිබූ මඩ තැවරුනු රන්වන් පාට පිලිමයක් හමුවී ඇත.

දඹ රන් බවට සැකකරන උස අඟල් 6ක් හා බර ග්‍රෑම් 635ක් පමණ වන මෙම පිළිමය සමග සැකකරුවන් වන වයස අවුරුදු 36ක් හා 42 වන අයියා මලෝ බව කියන පුද්ගලයින් දෙදෙනා හෙම්මාතගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදි හෙම්මාතගම අරකොටවැල්ල නව ගම්මානයේ පදිංචි පුද්ගලයාගේ නිවස පිටුපස අඩි 8ක් පමණ වලක් හාරා එහි හරහට අඩි 4ක් පමණ දෝනාවක් ගොස් ගල් සහිත ප්‍රදේශය කඩා මෙම පිළිමය ලබාගෙන ඇති බව සඳහන්ය මෙම අයියා මලෝ බව කියන දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු එම නිවසේම පදිංචි අතර අනෙක් පුද්ගලයා ගල්නෑව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නිලධාරින් නොමග යැවීම සඳහා මෙම පිළිමයේ මඩ හා ගොම තවරා තිබූ අතර පුරාවිද්‍යා වටිනාකමකින් හෙබි මෙම පිළිමය අනුරාධපුරය ප්‍රදේශයට විකිණීම සඳහා රැගෙන යමින් සිටි බව පැවසේ.

දඹ රන් බවට සැකකරන මෙම පිළිමය වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් දෙදෙනා හා ත්‍රීරෝද රථය සමග හෙම්මාතගම පොලිසි විසින් අත්අඩංගුවට ගෙන ඇත සැකකරුවන් දෙදෙනා හා නඩු භාණ්ඩ මාවනැල්ල දිසා මහේෂ්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති ඩී මෙෂාන් ඉන්දුකද සිල්වා මහතාගේ උපදෙස් පරිදි හදිසි වැටලීම අංශයේ ස්ථානාධිපති උ පො ප රංජිත් බණ්ඩාර පො සැ 38760 නිස්සංක හා විශේෂ කාර්්‍යංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරන ලදි .

Scroll to Top