Aboutceylon Online

ටිපර් රථයක ගැටි යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙකු ජිවිතක්ෂයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ටිපර්  රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටිමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ගිනිගත්හේන පිටවල පල්ලේවත්තේ පදිංචිව සිටි අනුෂ දිල්ෂාන් නැමති 19 හැවිරිදි තරුණයෙකි.

ගිනිගත්හේන රංජුරාව හත්ලාන ප්‍රදේශයේ සිට පිටවල දක්වා ධාවනය වු යතුරුපැදිය සහ ගිනිගත්හෙනේ සිට හත්ලාන දක්වා ධාවනය වු ටිපර් රථය (05) දි පස්වරු 2 ට පමණ ගිනිගත්හේන හත්ලාන ප්‍රදේශයේදි අනතුරට පත් වි ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.

බැවුමක් සහිත ප්‍රදේශයකදි ධාවනය වෙමින් තිබු ටිපර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු  යතුරුපැදියේ ගැටි යතුරුපැදිය අඩි කිහිපයක් ඉදිරියට ඇදි ගොස් මෙම අනතුර සිදු වි ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.

යතුරුපැදිකරු ප්‍රදේශවාසින් එක් ව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අතරතුර ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, ටිපර් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් යතුරුපැදියට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්,යතුරුපැදිකරුගේ සහ ටිපර් රථ රියදුරාගේ නොසැලිකිලිමත් රිය ධාවනය අනතුර හේතුව වි ඇති බවද අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Scroll to Top