පසුගිය ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණ කටයුතු සිදුකල අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මෙවර මහ මැතිවරණ සමයේ සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතයන් සම්බන්ධයෙන් පැමිනිලි ඉදිරිපත් කිරීමට “[email protected]” නම් ඊමේල් ලිපිනයක් ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ඉදිරිපත් කොට ඇත.
ලක්ශ 60කට අධික ශ්‍රී ලාංකික පරිශීලකයන් ප්‍රමානයක් සිටින ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි මැතිවරණ සමයෙහි සිදුවන අවභාවිතයන් සම්බන්ධයෙන් පියවර ලබගැනීම් උදෙසා අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් සමග කටයුතු කරනු ඇත.
පැමිනිලි ඉදිරිපත් කිරීමේදී තිර සටහන් (ScreenShots) සහ පැමිනිල්ලට අදාල යොමු (Links) ඉදිර්පත් කිරීමට කටයුතු කරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය