ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ජාතික ව්‍යවසාය සංසඳය පිහිටුවීමෙන් තබනු ලැබුවේ ඓතිහාසික පියවරක් බවත් මෙම මංගල සමුළුවෙන් පසුව මාස දෙකකට වරක් සමුළු පවත්වා ඉදිරියේ දී ව්‍යවසායකයන්ට දිරි දීමේ හැකියාව අද සිට නිල වශයෙන්ම නිර්මාණය වූ බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කැඳවා තිබූ ජාතික ව්‍යවසාය සංසදයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අදහස් දක්වමින්ය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අද දිනයේ ජාතික ව්‍යවසාය සංසදය පිහිටුවා එහි ප්‍රථම සමුළුව පැවැත් වූ මේ අවස්ථාවේ ඊට සහභාගී වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනයන්හි නියෝජිත පිරිසට මගේ ස්තූතිය පුදකර සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුන්ගේ නායකත්වය දුන් ආණ්ඩුව දේශීය කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් නගා සිටුවීම මූලික අරමුණක් කරගත් ආණ්ඩුවක්.
ධනාත්මක වාතාවරණයක් හැදීම
මේ රටේ ක්‍රියාත්මක වන ඇතැම් වැරදි ප්‍රතිපත්ති රාජ්‍ය ආයතනවල සිටින නිලධාරීන්ගේ වැරදි ආකල්ප ඇතැම් අමාත්‍යවරුන්ගේ වැරදි ක්‍රියාමාර්ග ආදිය නිසා වඩාත්ම බැට කන්නේ ස්වඋත්සාහයෙන් නැගී සිටීමට උත්සාහ කරන නව ව්‍යවසායකයා යි. කාලයක් තිස්සේ පවතින්නේ නව ව්‍යවසායකයාට නව නිපැයුම්කරුවාට දිරි දෙන පසුබිමක් නොවෙයි. අද දිනයේ යම් සාර්ථක ව්‍යවාසයකයකු නිපැයුම්කරුවකු හෝ කර්මාන්තකරුවෙකු සිටිනවා නම් ඔහු පිටුපස වන කතාව ඉතාමත් අමිහිරිය. ජනාධිපතිතුමන් ඇතුළු අපේ ආණ්ඩුව කැප වී ඉන්නේ ව්‍යවසායකයා, නිපැයුම්කරුවා, කර්මාන්තකරුවා දෙස ධනාත්මකව හිතන වාතාවරණයක් රට තුළ ගොඩනගන්න.
නව නිපැයුම්කරුවාට අතහිත
අපේ රටේ විශ්වවිද්‍යාලයකින් පිටව එන උපාධිධාරියකු බලාපොරොත්තුව වන්නේ රැකියාවක්. නමුත් ඔහු රැකියාවක් ලබා ගැනීම වෙනුවට ව්‍යවසායකයකු බවට පත්වුවහොත් ඔහු රැකියා රැසක් උපදවනවා. එනිසා තමයි අපි විශ්වවිද්‍යාල වල සිටින නව නිපැයුම්කරුවන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා එක්ව වැඩපිළිවෙලක් දියත්කර ඇත්තේ. මා බලාපොරොත්තු වෙනවා මහ මැතිවරණයෙන් පසුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මෙරට පවතින ලාබ ලබන රාජ්‍ය ආයතනවලින් කාරක ප්රාග්ධනය ලබා දී විශ්වවිද්‍යාලවලින් පිටවන නව නිපැයුම්කරුවන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම් සැකසීමට.
ගෙවී ගිය කාලවකවානුව කිසිසේත්ම මෙරට ව්‍යවසායකයාට කර්මාන්තරුවාට හිතකර වූයේ නැහැ. සහරාන්ලාගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පවා වැඩිපුරට බැට කෑවේ ඒ පිරිසයි. අද කොරෝනා වෛරසය හේතු කොට ගෙන ද කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් දුෂ්කරතා රුසකට මුහුණ දී සිටිනවා. ඒ තත්ත්වයට පිළියම් ලෙස තමයි ගරු මුදල් අමාත්‍යතුමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව මෙරට බැංකු මගින් ව්‍යවසායකයාට, කර්මාන්තකරුවාට නව කාරක ප්රාග්ධනය ලබා ගැනීමේ අවස්ථාව නිර්මාණය කර දෙනු ලැබුවේ. නමුත් මෙරට බැංකු මේ පිළිබඳව සුබවාදීව ක්‍රියාත්මක වන ආකාරයක් දැකගත හැකි නැහැ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමන් සමග මේ පිළිබඳව සාකච්ඡා කළේ. එතුමන් එහි දී පොරොන්දු වුණා අඩුම තරමින් රාජ්‍ය බැංකු හෝ මේ සම්බන්ධයෙන් සුබවාදීව බලා කටයුතු කරන තත්ත්වයක් ඇති කරන බවට. මේ පිළිබඳව බැංකු බිය විය යුතු නැහැ. මේ ලබා දෙන කාරක ප්රාග්ධනය වෙනුවෙන් මහ බැංකුව ඇප වෙනවා. යම් ආකාරයකින් ව්‍යවසායකයකුට මෙම මහ බැංකුව ඇප වෙනවා. යම් ආකාරයකින් ව්‍යවසායකයකුට මෙම මුදල් ගෙවිය නොහැකි තත්ත්වය දී වුවත් මහ බැංකුව ඉදිරිපත් වී ඊට පිළියම් යොදනවා.
දුම්රිය ප්‍රමාදයට හේතුව
රටක් ඉදිරියට යනවිට ඊට අඩ තබන පිරිසකුත් රටක ඉන්නවා. අපේ ආණ්ඩුව බලයයට පත් වූවාට පසුව සිදුවන දුම්රියෙන් තම රැකියා සඳහා පැමිණෙන පිරිස් කළ පැමිණිල්ලක් තිබුණා. දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීන් දුම්රිය ගමන් සඳහා යෙදවූවාට පසුවයි මේ ප්‍රමාදය ඇරඹී ඇත්තේ. මේ පිළිබඳව සොයා බැලුවාට පසුව දැන ගැනීමට ලැබුණේ ඉතාමත් කණගාටුදායක පුවතක්.
දුම්රිය මැදිරි පරීක්ෂාවට ලක් නොවීම නිසා පසුගිය කාලයේ දුම්රිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ඉතා හොඳ තෝතැන්නක් බවට පත් වී තිබුණා. මේ තත්ත්වයට අප ආණ්ඩුවක් ලෙස දුම්රිය ආරක්ෂක සේවය යොදවා තිත තැබුවා. එවිට ඇතැම් දුම්රිය රියදුරන්ට ලැබුණු ‘ගතමනාව ’ නැති වුණා. ඔවුන් දුම්රිය සෙමින් ධාවනය කිරීමට පටන් ගත්තා.
එවිට දුම්රිය ප්‍රමාද වූවා. ඒ සමඟ මේ දිනවල දුම්රිය මැදිරියට එක බැගින් යොදවා සිටින මංගල සමරවීරගේ ගෝලයන් ‘දුම්රිය ප්‍රමාදය’ පිළිබඳව ආණ්ඩුවට බනින්න පටන් ගත්තා. දුම්රිය විෂය භාර අමාත්‍යතුමන් මේ පිළිබඳව මා දැනුවත් කළේ මේ පිළිබඳව කරුණු රට හමුවේ තැබීම මා සිදු කරාවි යන විශ්වාසයෙන්. අපි මෙවැනි රටක් ඉදිරියට යන විට ඊට අකුල් හෙළන පුද්ගලයන් පිළිබඳව රට දැනුම්වත් කළ යුතුයි. ඒ තත්ත්වය තුරන් කළ යුතුයි.
ඒ නිසා ව්‍යවසායකයන්ට, කර්මාන්තකරුවන්ට හිතකර වාතාවරණයක් ගොඩනඟන මේ අවස්ථාවේ ඊට සූදානම්ව සිටින අපි සියල්ලෝම ඉහත ආකාරයට ඊට අකුල් හෙළන පිරිස්වල ක්‍රියාමාර්ග, ප්‍රතිචාර පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වෙමින් කටයුතු කරන්න ඕනෙ.
ඓතිහාසික දිනයක්
අද ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය තබණු ලැබුවේ ඓතිහාසික පියවරක්. අපට ඉදිරියේ දී මෙම ජාතික ව්‍යවසාය සංසඳය වරින් වර කැඳවා මෙවැනි සමුළු පවත්වා ව්‍යවසායකයන්ට දිරි දීමේ හැකියාව අද නිල වශයෙන්ම නිර්මානය වූ දිනයයි. අපි මේ මොහොතේ දී මීට සහභාගීවීමට ඉඩ නොලැබුණු ව්‍යවසායකයන්ට විවෘත ඇරයුමක් කරනවා. මේ ජාතික සංසඳයේ ලියාපදිංචි වී ඉදිරි සමුළු සඳහා තම ගැටළු සඳහා රාජ්‍ය ආයතනවලින් ඉතා හොඳ විසඳුම් ලබා ගන්නා ලෙස.
නිදසුනක් ලෙස ශ්‍රී ලංකා රේගුව අද අපනයනයෙහි යෙදී සිටින ව්‍යවසායකයන්ට ඉතාමත් හොඳ විසඳුම් කිහිපයක් ඔවුන්ගේ ගැටලු සඳහා ලබා දුන්නා. ඒ ලැබුණු වාසියම ඇති සමුළුවේ සාර්ථකත්වය පෙන්වීමට. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ද ඉතාමත් ධනාත්මක විසඳුම් කිහිපයක් ලබා දුන්නා. ඉතා කුඩා කාර්ය මණ්ඩලයක් සහිතව පවා එම ආයතනයේ අධ්යක්ෂ ජනරාල්තුමිය ඉටුකරන සේවය පිළිබඳව අපගේ ස්තූතිය එතුමියට ලබා දිය යුතුයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මා හට පවරා ඇති මෙරට කර්මාන්තකරුවා, ව්‍යවසායකයා නඟා සිටුවීමේ වගකීමට නිසි පරිදි උරදීම මා කැප වි සිටිනවා. ඔබ අපනයන හැකියාව සහිත ව්‍යවසායකයන් බවට පත්කොට ඔබගේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළක් නිර්මාණයකර දීම අපගේ එක් අරමුණක්. මැතිවරණ කාලසීමාවක් වුවත් මාර්තු 12 වැනිදා මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ නියැලී සිටින ව්‍යවසායකයන් සඳහා වැඩමුළුවක් පවත්වා ඔවුන්ට ජාත්‍යන්තර වෙළෙඳපෙළ ජය ගැනීම සඳහා උපකාරී වන වාතාවරණයක් සැකසීම අපේ වෑයමයි. අපි අපට කළ හැකි සියල්ල සිදු කරනවා. ඉන් ප්‍රයෝජනය ගෙන අපේ රටේ ආර්ථිකය සවිමත් කර අපේ රටේ දරුවන්ට රැකියා සුබල කිරීමේ තත්ත්වයක් නිර්මාණය කිරීමට කැප වෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
මෙහි දී ව්‍යවසායකයන්ගේ ගැටලුවලට ඒවා යොමු කරනු ලැබූ රාජ්‍ය ආයතන හා වෙනත් ආයතන රාජ්‍ය ආයතන හා වෙනත් ආයතන විසින් ඒ අවස්ථාවේදීම විසඳුම් ඉදිරිපත් කිරීම සුවිශේෂී විය. “පේටන්ට් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ දී එම අයදුම්පතෙහි සංකීරණ බව හා ඒ සමග ලබා දිය යුතු වාර්තාව සකස් කිරීමේ දී විවිධ අපහසුතා හා ප්‍රමාද වීම් ලක්වීම” යන ගැටලුවට ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරිය ඒ මොහොතේ දීම පිරවීමට සහාය ලබා ගැනීම හා වාර්තාවක් සකස් කිරීම සඳහා එම ආයතනයේම සුදුසුකම් ලත් නිලධාරී මහතකු හෝ මහත්මියකුගේ සේවය ලබා දීම යන විසඳුම ඒ මෙහොතේදීම ඉදිරිපත් කරනු ලැබීය.
“කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා අලෙවි මධ්‍යස්ථාන නොමැතිවීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසකයන්ට සුපිරි වෙළඳසැල් ජාලයට ඇතුළත් වීමට ඇති අපහසුතාව යන ගැටලුවට කාගීල්ස් ආයතනය වෙනුවෙන් පැමිණි කීර්ති ගුණසේකර මහතා යෝජනා කර සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අලෙවි මධ්‍යස්ථාන ඇති කිරීමත් එම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සුපිරි වෙළෙඳසැල් ජාලයට ඇතුල් වීම සඳහා අවස්ථාවන් ලබා දීමට කටයුතු කරන බවයි.
ජාත්‍යන්තර වෙළඳපොළෙහි ඇතිවන ක්ෂණික වෙනස්වීම් නිසා බිහිවන ව්‍යාපාරික අවස්ථා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට ලබා ගැනීමට අවස්ථා සලසා දීම මෙන්ම අපනයන වෙළඳපොළට අවතීර්ණ වීම සඳහා ව්‍යාපාරිකයන්ට මගපෙන්වීමක් වශයෙන් දැනුවත් කිරීමේ වැඩමුළු කිහිපයක් සංවිධානය කර දෙන ලෙස ව්‍යවසායකයන් විසින් ඉල්ලා සිටි අතර අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් ෘඵඡ දිසානායක මහතා සහ නිර්මාලා ගජනායක මිය කියා සිටියේ ඉදිරියේ දී එය සිදුකිරීමට පොරොන්දු වන බවයි.
විසිතුරු මත්ස්‍ය අභිජනනය සඳහා ගුණාත්මක මව් සතුන් නොමැතිවීම පිළිබඳ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරිකයන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ඒ සඳහා ගුණාත්මක මසුන් ආනයනය කිරීම ද බලාපොරොත්තු වන බවයි. එමෙන්ම අභිජනනික පැටවුන් සඳහා ලබා දෙන ආහාර මිල ඉතා අධික බවත් ආහාර ආනයනයේ දී පවත්නා බදු හේතුවෙන් එම ආහාර ද්‍රව්‍ය මිල අධික බැවින් රාජ්‍ය අංශයේ මැදිහත් වී ඒවා ලබා දීමට ඉදිරියේ දී කටයුතු කිරීමට යෝජනා විය.
දැනට ලංකාවට ආනයන කිරීම නවතා ඇති භාණ්ඩ තවදුරටත් ආනයන කිරිම බරපතළ ගැටලුවක්ව පවතී. උදාහරණයක් ලෙස හඳුන්කූරු තහනම් කර ඇති නමුත් වෙළඳපොළහි ආනයනික හඳුන්කූරු පැවතීමත් ලංකාවට ආනයනික සුවඳ වර්ගවල පිළිකාකාරක තිබෙන බව තහවුරු වී ඇති බැවින් ශරීරයට හිතකර සුවඳ වර්ග ආනයන කිරීමට රජයේ මැදිහත්වීම වැදගත් බව ව්‍යවසායකයන් විසින් පෙන්වා දුන්නේය.
නව ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස නිසි ක්‍රමවේදයකට යටත්ව අඩු පොලියට ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීමත් ක්ෂුද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රම සහ ආයතන නියාමනය කිරීම සහ ණය ගෙවා ගත නොහැකි ව්‍යාපාරිකයන් ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාගත වීම නිසා සිදුවන අපහසුතා වෙනුවෙන් යම් සාධාරණයක් ලබා ගැනීමත් පිළිබඳ ව්‍යවසායකයන් මෙහි දී සිය අදහස් ඉදිරිපත් කළ අතර ඉදිරියේ දී ඊට අවශ්‍ය තින්දු තීරණ ගැනීමට සූදානම් බව මුදල් අමාත්‍යාංශ සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධන මූල්‍ය සහකාර අධ්යක්ෂ ලක්මිණි ගුණවර්ධන මහත්මිය පවසා සිටියාය.
ඡායාරූප ක්ෂේත්රයේ නියැලි සිටින ශිල්පීන්ට පිලිගත් වෘත්තීය සුදුසුකම් සම්බන්ධ මිණුම් දණ්ඩක් නොමැති වීම සහ ඔවුන් නියාමනය කරන ආයතනයක් නොමැති වීමත් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සඳහා පිළිගත් අධ්‍යාපන ආයතනයක් නොමැති වීමත්ය.
ඒ සඳහා විසඳුම් ලෙස ඡායාරූප ක්ෂේත්රයේ නියලි සිටින ශිල්පීන්ට වෘත්තීය සුදුසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීමත් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සඳහා පිළිගත් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමේ අති වැදගත්කම පිළිබඳ ඡායරූප ශිල්පීන් වෙනුවෙන් අදහස් දක්වමින් හර්ෂ මධුරංග මහතා පැවසීය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික නිලධාරී ඩී. ජී. සමන්ත කුසුම්සිරි මහතා ඉදිරියේ දී ඒ පිළිබඳ සිය අවධානය යොමු කරන බව කියා සිටියේය.
මෙටල් කුලර් හා ලුබ්රිකන්ට් ලංකාවේ නිෂ්පාදනය නොකරන නිසා බදු නිදහස්ව ලංකාවට ආනයන කරනු ලබන බවත් නමුත් දේශීයව නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන අතර එය දැනටමත් නිෂ්පාදනය කර ඇති බවත්ය. නමුත් මේවා කර්මාන්තශාලා සහ ලේත් මැෂින් සඳහා යොදා ගැනීමේ දී පිළිගත් ආයතනයකින් සහතිකයක් නොමැතිවීම නිසා එම කර්මාන්තවලට හඳුන්වා දීමේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වන බව ව්‍යවසායකයන් පෙන්වා දුන්නේය. ඉදිරියේ දී ඒවා වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව ආදායම් බදුු දෙපාර්තම්න්තු නිලධාරීන් පැවසීය.
පොල් ලෙලි ආශ්රිත නිෂ්ාදන කරන ලබන ව්‍යවසායකයන් විසින් ඔහුන්ගේ ගැටලුව ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ පොල් ලෙලි මිල පාලනයක් නොමැති වීමත්, කැල්සියම් නයිට්ටේ්රට් ආනයන සීමා කළ යුතු වීමත් සහ විදේශීය කොහු අපනයන සමාගම් විසින් කැල්සියම් නයිට්ටේ්රට් භාවිතා කර එම අප ජලය දැදුරු ඔය මා ඔය වැනි ජල මූලාශ්‍රවලට මුදා හැරීමේන් විශාල පරිසර හානියක් සිදුවන බවය.
පොල් සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඉදිරියේ දී සිය අවධානය ඒ පිළිබඳ යොමු කරන බව පැවසීය.
අම්පාර නවගංගොඩ කර්මාන්තපුරයේ 30කට වඩා වැඩි ඉඩම කට්ටි තිබෙන අතර ආයෝජකයකුට ඉඩම කට්ටි තිබෙන අතර ආයෝජකයකුට ඉඩමක් ලබා ගැනීමේ දී වසරක පමණ කාලයක් ගතවන බවය. ඒ සඳහා ඉඩමක් ලබා ගැනීමේ දී ගත වන කාලය අවම කර දෙන්නේ නම් ව්‍යාපාරික කාලය ඉතිරි කරගත හැකි බව ව්‍යවසායකයන් විසින් යෝජනා කළේය.
එමෙන්ම කර්මාන්තපුර සඳහා ඇතුළු වීමට ඉඩ ප්රස්ථා / අවස්ථාවන් සොයා බැලීම සඳහා නිවැරදි තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් නොමැති වීම ගැනද ඔවුහු ප්‍රකාශ කළේය. ඒ සඳහා අන්තර්ජාලය හරහා ලබා ගත හැකි එම තොරතුරු නිවැරදි කිරීම යෝජනා විය. එහි දී ඇමතිවරයා පවසා සිටියේ හැකි ඉක්මනින් ඒ සඳහා වෙබ් අඩවියක් හරහා තොරතුරු ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන ලෙසය.
දේශීය යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයන්ට නිෂ්පාදනයේ දී අවශ්‍ය වන අමතර කොටස් ආනයන කිරීමේදී අවශ්‍ය වන අමතර කොටස් ආනයන කිරීමේ දී වැඩි බදු මුදලක් ගෙවීමට සිදුවන අතර එම වර්ගයේ නිෂ්පාදිත යන්ත්‍රෝපකරණ ආයනය කිරීමේ දී බදු නිදහස්ව ආනයනය කිරීම හේතුවෙන් දේශීය නිෂ්පාදකයන් අධෛර්යමත් වීම පිළිබඳ ව්‍යවසායකයන් අදහස් දැක්වූ අතර ඒ පිළිබඳ ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.